spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලිබිල වැඩිකිරීමට එරෙහිව මානව හිමිකම් කොමිසම පෙරට

මහජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වන ආකාරයෙන් විදුලි බිල වැඩි කරන්නේ නම් ඒ සඳහා පැමිණිල්ලක් නොමැතිව පාර්ශවකරුවකු ලෙස මැදිහත් වීමට සුදානම් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසනවා.

දැනට රට තුළ පවතින ආර්ථික අපහසුකම් හමුවේ ජිවත් වන ජනතාව තවදුරටත් පීඩාකාරී තත්වයට පත් කිරීමට රජයට හෝ එහි පාර්ශවකරුවන්ට අයිතියක් නොමැති බවයි එම කොමිසම පෙන්වා දෙන්නේ.

ඒ අනුව එළඹෙන ජනවාරි මාසයේ සිට විදුලි බිල ඉහළ දැමීමට විදුලිබල අමාත්‍යංශය හෝ ලංකා විදුලිබල මණ්ඩලය ක්‍රියා කරන්නේ නම් ඊට එරෙහිව මානව හිමිකම් කොමිසම මැදිහත් වෙන බව එම කොමිසමේ අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි මහතා පවසනවා.

මීට පෙර ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජනතාව දැනුවත් නොකර විදුලිය කප්පාදු සිදුකළ අවස්ථාවේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මැදිහත් වී ලංකා විදුලිබල මණ්ඩලය කැඳවා නිර්දේශ ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණා.

එම නිර්දේශ අනුව දැනට පෙර දැනුම් දී විදුලිය කප්පාදුව සිදු කරනු ලබන අතර මහජන උපයෝගීතා කොමිසමට මෙන්ම සමාන අයිතියක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ඇති බවයි එහි අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?