විදුලිබිල වැඩිකිරීමට එරෙහිව මානව හිමිකම් කොමිසම පෙරට

මහජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වන ආකාරයෙන් විදුලි බිල වැඩි කරන්නේ නම් ඒ සඳහා පැමිණිල්ලක් නොමැතිව පාර්ශවකරුවකු ලෙස මැදිහත් වීමට සුදානම් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසනවා.

දැනට රට තුළ පවතින ආර්ථික අපහසුකම් හමුවේ ජිවත් වන ජනතාව තවදුරටත් පීඩාකාරී තත්වයට පත් කිරීමට රජයට හෝ එහි පාර්ශවකරුවන්ට අයිතියක් නොමැති බවයි එම කොමිසම පෙන්වා දෙන්නේ.

ඒ අනුව එළඹෙන ජනවාරි මාසයේ සිට විදුලි බිල ඉහළ දැමීමට විදුලිබල අමාත්‍යංශය හෝ ලංකා විදුලිබල මණ්ඩලය ක්‍රියා කරන්නේ නම් ඊට එරෙහිව මානව හිමිකම් කොමිසම මැදිහත් වෙන බව එම කොමිසමේ අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි මහතා පවසනවා.

මීට පෙර ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජනතාව දැනුවත් නොකර විදුලිය කප්පාදු සිදුකළ අවස්ථාවේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මැදිහත් වී ලංකා විදුලිබල මණ්ඩලය කැඳවා නිර්දේශ ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණා.

එම නිර්දේශ අනුව දැනට පෙර දැනුම් දී විදුලිය කප්පාදුව සිදු කරනු ලබන අතර මහජන උපයෝගීතා කොමිසමට මෙන්ම සමාන අයිතියක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ඇති බවයි එහි අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

  1. Kondak athi kelin minissu ekkenek hari dakkama kandak tharam sathutak hitha purawatama enawa. Mata mathak wenne Kapuge mahatha ge sinduwa, Pihitak Nathi – SaranakNathi, Sathutak Athi- Muhunak Nathi, Me sasara danawwe- Api asarana wela wageyi hithata danenawa, Budu hamuduruwane.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25