විදුලිබිල පහතට

විදුලි බිල අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම විදුලි බිල් ගාස්තු සංශෝධනය සියයට 30කින් ඉදිරියේ දී සිදු වන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ.

විදුලි බිල් ගාස්තු සංශෝධනය එළඹෙන ජූලි 18 වැනි දා සිට ක්‍රියාත්මක වනු ඇති.

පසුගිය ජුනි මස 06 වැනි දා පාර්ලිමේන්තු සභා වාරයට එක් වෙමින් විදුලිබල අමාත්‍යවරයා කියා සිටියේ නුදුරු දිනක දී විදුලි බිලෙහි සංශෝධනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත්; ඒ සම්බන්ධයෙන් තමන් කැබිනට් මණ්ඩලයට පවා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි.

මෙම විදුලි බිල් සංශෝධනය කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ ද සහාය හිමිවනු ඇති බවයි එදින අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

ඒ අනුව මෙම විදුලි බිල සංශෝධන මිල ගණන් සම්බන්ධයෙන් ජුනි මස 06 වැනි දින පාර්ලිමේන්තුවේ දී අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ; ඒකක 0 – 30ත් අතර ඒකකයක මිල රුපියල් 08 සිට 06 දක්වා ( රු:02කින්) ද, ඒකක 30 – 60 දක්වා රුපියල් 20 සිට 09 තෙක් ද (රුපියල් 11කින්), ඒකක 60 -90 දක්වා රුපියල් 30 සිට 18 දක්වා (රු: 12කින්) සහ ඒකක 90 -180 දක්වා රුපියල් 50 – 30 දක්වා රුපියල් 20ක මුදලකින් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට තමන් යෝජනා කර මහජන උපයෝගීතා කොමිසමට යොමු කර ඇති බවයි.

එහි ප්‍රතිඵලයක් මතයි එළඹෙන 18 සිට විදුලි ගාස්තු සංශෝධනයක් සිදු වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21