විදුලිබල මණ්ඩලය වෙනස්ම තීරණයක් ගන්න යයි

ඉදිරි දින කිහිපය සඳහා ඉන්ධන සපයාගැනීම වෙනුවෙන් ලංකා IOC සමාගම සමග සාකච්ඡා කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ,

“විවිධ විකල්ප මාර්ග ගැන කල්පනා කරමින් ඉන්නේ. අපි බලනවා IOC සමාගමෙන් හරි ඉදිරි දවස් කිහිපයට තෙල් ටිකක් ගන්න පුළුවන්ද කියලා. විදුලබල මණ්ඩලයේ සභාපතිතුමාට කියලා තියෙනවා ඒ ගොල්ලෝ සමග සාකච්ඡාවක් පටන්නගන්න කියලා හෙට. මමත් ඕනේ නම් එන්නම් කිව්වා.”

මාධ්‍යවේදියා – “ඒ කියන්නේ දවස් 3ක් සඳහා විදුලි කැපෙන්නේ නැහැ කියලා දැන් සහතික කරන්න පුළුවන්ද ?”

අමාත්‍ය ගාමිණි ලොකුගේ – “22 වෙනතුරු අපි කොහොම හරි තෙල් හොයාගන්න ඕනේ දුවන්න.”

මාධ්‍යවේදියා – “ඛනිජ තෙල් විදුලිබල මණ්ඩලයට ඕන කියලා ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කළාද ?”

අමාත්‍ය ගාමිණි ලොකුගේ – “නැහැ ඉල්ලීමක් කරන්න දෙයක් නැහැ. ඒක වාර්ෂික ඇනවුමක්. ඒ වාර්ෂික ඇනවුමට සපයන්න ඕනේ තෙල් සංස්ථාව විසින්. එහෙම නැතුව දවසින් දවස ඉල්ලන්නේ නැහැ. අවුරුද්ද පැලෑන් කරනකොට ඒ අය පැලෑන්කරන්න ඕනේ තෙල් සංස්ථාවට මෙච්චර ඕනේ කරනවා කියලා. බලාගාරවලට මෙච්චර ඕනේ කරනවා. පුද්ගලික අංශයේ වාහනවලට මෙච්චර ඕනේ කරනවා. ඒ සැලැස්ම අනුව තමයි ගෙන්නන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒක අනුව ගේනවා කියලා.”

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 1,500 බැගින් හෙට (18) දිනය දක්වා ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට කටයුතු කිරීමත් සමග විදුලිය අඛණ්ඩව සපයන බවට එම මණ්ඩලය ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40