විදුලිබල මණ්ඩලයේ ආදායම සහ වියදම් විෂය භාර ඇමති හෙළිකරයි

වත්මන් තීරු බදු ව්‍යුහය සමග ඔක්තෝම්බර් මාසය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ මුලු ආදායම රුපියල් බිලියන 33.6ක් බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

නොවැම්බර් මාසයේ ආදායම රුපියල් බිලියන 35.6ක් බවයි ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා කියාසිටියේ.

එහි දැක්වෙන්නේ ජනවාරි මාසය සඳහා බලාගාර ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට බර ඉන්ධන තෙල් නැප්තා සහ ඩීසල් අවශ්‍යතාවයට රුපියල් බිලියන 35ක් වැය කළ යුතු වන බවයි.

ජනවාරි මාසය සඳහා ගල් අගුරු ගෙවීම් සඳහා තවත් රුපියල් බිලියන 38.45ක් අවශ්‍ය බව ද එහි වැඩිදුරටත් සඳහන්.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සැප්තැම්බර් ඔක්තෝබර් සහ නොවැම්බර් මාස සඳහා වැටුප් සහ දීමනා ගෙවීමට රුපියල් බිලියන 3.5ත් 3.7ත් අතර ප්‍රමාණයක් වැයවන බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

එමෙන්ම සේවකයන් 1100ක් 2023 වසරේදී විශ්‍රාම යාමට නියමිත අතර ඒ වෙනුවෙන් නව බඳවා ගැනීම් සිදුනොවන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14