spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලිබල මණ්ඩලයට එරෙහිව මානව හිමිකම් කොමිසම අධිකරණයට

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුල විදුලිය කප්පාදු නොකිරීමට ගත් එකගතාව කඩ කිරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා කියාසිටියේ තම කොමිසම ලබාදෙන නියෝගයක් ක්‍රියාත්මක නොකරන්නේ නම් මෙය පවත්වාගෙන යාමේ තේරුමක් නොමැති බවයි.

මානව හිමිකම් කොමිසම කටයුතු කරන්නේ රටේ නීතියට අනුව වන අතර කොමිෂන් සභාව ලබාදෙනු ලබන නියෝගයක් රටේ ව්‍යවස්ථාවට අනුව ක්‍රියාත්මක කිරීමට අනෙක් ඕනෑම පාර්ශවයක් බැඳී සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය නිමල් කරුණාසිරි මතා අවධාරණය කළේ පසුගියදා සියලු පාර්ශව කැඳවා ඇති කරගත් එකඟතාව අනුමත කර පසුව වෙනත් හේතු දැක්වීම් සාධාරණ නොවන බවයි.

විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වෙනුවෙන් පැමිණි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා අදාළ එකඟතාවන්ට අනුමැතිය පළ කර ඇති අතර එය තම මණ්ඩලය ඇති කරගත් එකඟතාවක් නොවන බවට වගකීම් විරහිත ප්‍රකාශ කිරීමට සභාපතිවරයාට හැකියාවක් නොමැති බවයි මානව හිමිකම් කොමිසම පෙන්වා දෙන්නේ.

සභාපතිවරයා අදාළ සාකච්ඡාවට නියෝජිතයෙකු යොමු කළේ නම් එහි වගකීම ඔහුට පැවරෙන බව ද මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා සඳහන් කරනවා.

මේ අනුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන අතර අන්තර්ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවට ද මෙය වාර්තා කිරීමට සිදුවන බවයි සභාපතිවරයා අවධාරණය කළේ.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුල විදුලි කප්පාදු නොකරන ලෙසට දැනුම් දුන් තීරණය නොසලකා හරින්නේ නම් විදුලිබල මණ්ඩලය කටයුතු කරන්නේ ත්‍රස්තවාදීන් ලෙසට බවට හැගී යන බව වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා ප්‍රකාශ කළා.

HRCSL
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?