විදුලිබල ක්ෂේත්‍රය පෞද්ගලික ආයතන වෙත පැවරීමේ අවශ්‍යතාවක් නැහැ – ජනපතිගෙන් සහතිකයක්

මෙරට බලශක්ති ස්වාධිපත්‍යය වෙනුවෙන් රජය නිරතුරුවම පෙනී සිටින බවත්, කිසිදු අවස්ථාවක විදුලිබල ක්ෂේත්‍රය පෞද්ගලික ආයතන වෙත පැවරීමේ අවශ්‍යතාවක් රජයට නොමැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරනවා.

මෙරට ආර්ථික වර්ධනය, ජාතික ආරක්ෂාව සහ ස්වෛරීත්වය වෙනුවෙන් බලශක්ති ස්වාධිපත්‍යය තහවුරු කිරීම රජයේ ස්ථාවරත්වය බවත්, රජයට අවශ්‍ය වන්නේ විදුලිබල ක්ෂේත්‍රයේ ආයතන ව්‍යුහයේ පවතින වියවුල්භාවය නිරාකරණය කර ගනිමින් විධිමත් ආයතන පද්ධතියක් ගොඩනැගීම බවත් ජනාධිපතිවරයා සඳහන් කරනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ විදුලිබල ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට අද (22) ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින්.

විදුලිබල ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ සඳහා පත් කරන ලද කමිටු සාමාජිකයන් සහ විදුලිබල ජනන ලංකා සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සැපයුම් සමාගම, විදුලිබල බෙදාහැරීම් ලංකා සමාගම, ජාතික පද්ධති මෙහෙයුම් සමාගම ඇතුළු අලුතින් ස්ථාපිත කරන ලද සමාගම්හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

විදුලිබල ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් නව පරිවර්තනයක් වෙනුවෙන් නව ආයතන පද්ධතියක් අත්‍යවශ්‍ය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා පැරණි ව්‍යුහය තවදුරටත් ප්‍රමාණවත් නොවන බවත්, නව ව්‍යුහයක අවශ්‍යතාව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි බවත් පෙන්වා දුන්නා.

එහිදී දැනට දරන තනතුරු හෝ වැටුප් තල කිසිදු අයුරකින් පහළ නොයන සහ ඉහළට යාමට තිබු බාධා ඉවත් කෙරෙන අන්දමින් කටයුතු කිරීම, සියලු සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම, නව ආයතන ව්‍යුහය තුළ ලංකා විදුලිබල මණ්ඩලය ලෙස තිබූ සියලු අයිතිවාසිකම් තහවුරු කිරීම, නව ආයතන ව්‍යුහයට අන්තර්ග්‍රහණය වන විට ලංකා විදුලිබල මණ්ඩලය ලෙස විසඳිය යුතු ගැටලු විසඳා අවසන් කිරීම, බලශක්ති ස්වෛරිභාවය ආරක්ෂා කිරීම සහ පූර්ණ වශයෙන් රාජ්‍ය සමාගමක් බවට පත් කර ගැනීම යන මූලධර්ම ආරක්ෂා කර තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ආයතන තිබෙන්නේ එහි සේවකයන් වෙනුවෙන් නොව රටත්, මහජනතාවත් වෙනුවෙන් බව සියලුදෙනා අවබෝධ කරගත යුතු බවද මෙහිදී පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, වඩා කාර්යක්ෂමව, අඛණ්ඩව සහ සාධාරණ මිලකට පාරිභෝගික ජනතාවගේ විදුලිබල අවශ්‍යතාව සපුරාලිය හැකි නම් එය රජයේ මෙන්ම සේවකයන්ගේ ද ජයග්‍රහණයක් බව පෙන්වා දුන්නා.

කෙසේ වුවද, සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට රජය සෑම අවස්ථාවකම සූදානම් බවත්, ලංකා විදුලිබල මණ්ඩලය තුළ සිදු වන්නේ දීර්ඝකාලීනව පැවති ආයතන ව්‍යුහයක් නව ආයතන ව්‍යුහයකට පරිවර්තනය වීම පමණක් බවත්, මෙය විකිණීමක්, රාජ්‍ය අයිතිය අත්හැරීමක්, බලශක්ති ස්වාධිපත්‍යය අත්හැරිමක් නොවන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා ලෝකයේ සංවර්ධන මාවත මෙය බවද පෙන්වා දුන්නා.

නව ප්‍රතිසංස්කරණ කටයුතුවලදී මතුව ඇති ගැටලු සහ යෝජනා පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, මෙම කටයුතුවලදී දක්වන දායකත්වය වෙනුවෙන් කමිටු සාමාජිකයන් වෙත ජනාධිපතිවරයා සිය ස්තූතිය පළ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25