විදුලි උත්පාදනයට අවශ්‍ය ගල් අඟුරු ලබා ගැනීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ලබා ගැනීම, එම ගල් අඟුරු මිල දී ගැනීමට අවශ්‍ය මුදල් ලබා ගැනීම පිළිබඳ ප්‍රගතිය සහ කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීමේ හැකියාව පිළිබඳව සාකච්ඡාවක් ඊයේ(24) විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ගල් අඟුරු සමාගමේ නිලධාරීන් සමඟයි.

ජනවාරී මාසය වෙනුවෙන් සැලසුම් කළ ගල් අඟුරු නෞකා 7න් 5ක ගල් අඟුරු මේ වන විට ලබා ගෙන ඇති අතර තවත් නෞකා 2ක් මෙම මස ලබා ගැනීමට බලාපොරොත්තු වන බවටයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව මේ වන විට ගල් අඟුරු නෞකා 10ක් මෙම කාල සීමාව වෙනුවෙන් ලබා ඇති අතර සම්පුර්ණ අවශ්‍යතාව වෙනුවෙන් ගල් අඟුරු නෞකා 33ක් ලබා ගත යුතුව තිබෙනවා.

එමෙන්ම පෙබරවාරි මාසයේ ගල් අඟුරු නෞකා 7ක්, මාර්තු මස නෞකා 7ක් සහ අප්‍රේල් මස නෞකා 7ක් ලබා ගැනීමට සැලසුම් සකස් කර ඇති බවටයි මෙම සාකච්ඡාවේදී අනාවරණ වුයේ.

ඒ වෙනුවෙන් අවශ්‍ය මුදල් ලබා ගැනීම වෙනුවෙන් මේ වන විට රාජ්‍ය බැංකු දෙක මගින් ණය පහසුකම් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම බැංකුවලින් ඉල්ලීම් කර ඇති මුදල් ලබා ගැනීමේ හැකියාව මත ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරන බව ද විදුලිය අවම කප්පාදුවකින් ලබා දීමට කටයුතු කරන බවයි විදුලිබල මණ්ඩලය මෙම සාකච්ඡාවේ දී දන්වා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23