spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි උත්පාදනයට අවශ්‍ය ගල් අඟුරු ලබා ගැනීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ලබා ගැනීම, එම ගල් අඟුරු මිල දී ගැනීමට අවශ්‍ය මුදල් ලබා ගැනීම පිළිබඳ ප්‍රගතිය සහ කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීමේ හැකියාව පිළිබඳව සාකච්ඡාවක් ඊයේ(24) විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ගල් අඟුරු සමාගමේ නිලධාරීන් සමඟයි.

ජනවාරී මාසය වෙනුවෙන් සැලසුම් කළ ගල් අඟුරු නෞකා 7න් 5ක ගල් අඟුරු මේ වන විට ලබා ගෙන ඇති අතර තවත් නෞකා 2ක් මෙම මස ලබා ගැනීමට බලාපොරොත්තු වන බවටයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව මේ වන විට ගල් අඟුරු නෞකා 10ක් මෙම කාල සීමාව වෙනුවෙන් ලබා ඇති අතර සම්පුර්ණ අවශ්‍යතාව වෙනුවෙන් ගල් අඟුරු නෞකා 33ක් ලබා ගත යුතුව තිබෙනවා.

එමෙන්ම පෙබරවාරි මාසයේ ගල් අඟුරු නෞකා 7ක්, මාර්තු මස නෞකා 7ක් සහ අප්‍රේල් මස නෞකා 7ක් ලබා ගැනීමට සැලසුම් සකස් කර ඇති බවටයි මෙම සාකච්ඡාවේදී අනාවරණ වුයේ.

ඒ වෙනුවෙන් අවශ්‍ය මුදල් ලබා ගැනීම වෙනුවෙන් මේ වන විට රාජ්‍ය බැංකු දෙක මගින් ණය පහසුකම් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම බැංකුවලින් ඉල්ලීම් කර ඇති මුදල් ලබා ගැනීමේ හැකියාව මත ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරන බව ද විදුලිය අවම කප්පාදුවකින් ලබා දීමට කටයුතු කරන බවයි විදුලිබල මණ්ඩලය මෙම සාකච්ඡාවේ දී දන්වා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?