විද්‍යා ඝාතන නඩුවේ අභියාචනා විභාගයට පත් කළ විනිසුරු මඩුල්ලෙන් සභාපති විනිසුරුවරයා ඉවත් වෙයි

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයෙන් සිවලෝගනාදන් විද්‍යා නැමැති පාසල් දැරියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් පත් කළ පංච ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා මහතා ඊයේ (06) ඉවත් වුණා.

මෙම අභියාචනා ඊයේ එස්.තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ, ඒ. එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්.තුරෙයි රාජා මහතා සඳහන් කළේ තමා නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරී කළ සමයේ මෙම නඩුවේ කටයුතු අධීක්ෂණය කර තිබෙන හෙයින් තමා මෙම අභියාචනා විභාගයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.

ඉන් අනතුරුව අදාළ අභියාචනා ජූලි මස 30 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළා.

මෙහිදී අභියාචක විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ පරිවර්තන නිසියාකාරව නොලැබීම නිසා මෙම නඩුවේ විභාගය වසර 06ක් පමණ ප්‍රමාද වී තිබෙන බව සඳහන් කර සිටියා.

ඊට පිළිතුරු දෙමින් විනිසුරු තුරෙයි රාජා මහතා සඳහන් කළේ පරිවර්තකයෙන්ගේ හිඟයක් පවතින හෙයින් මෙම කටයුතුවලද ප්‍රමාදයක් සිදුවී ඇති බවයි.

එම අවස්ථාවේදී ත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ පරිවර්තන කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බවත් දැනට සිදුකර තිබෙන පරිවර්තන අතරින් දෝෂ සහිත කොටස් නිවැරදි කිරීමේ කටයුතු කරමින් තිබෙන බවත් සඳහන් කර සිටියා.

ඒ, අනුව පරිවර්තන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල එම කටයුතුවල ප්‍රගතිය විමසා බැලීම සඳහා අදාළ අභියාචනා පෙත්සම් ජූලි මස 30 වනදා කැඳවන ලෙස ද නියෝග කළා.

2015 වසරේ මැයි මස 13 වනදා යාපනය පුංකුඩුතිව් ප්‍රදේශයේ දී 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක වන සිවලෝග නාදන් විද්‍යා දැරිය පැහැර ගෙන ගොස් සමූහ දූෂණයට ලක් කොට ඝාතනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණු ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් පිරිසකට යාපනය මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබුණා…

තමන්ට එරෙහිව යාපනය මහාධිකරණය විසින් දඬුවම් නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එම දඬවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාළ විත්තිකරුවන් විසින් මෙම අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40