විජිතට හිටපු ජනපති මහින්ද – මෛත්‍රී එක් ව සුබ පතයි(වීඩියෝ)

ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයට හිටපු ජනාධිපතිවරු වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේනගේ සුබ පැතුම් හිමි ව තිබෙනවා.

මෙම සුබ පැතුම් කැබිනට් අමාත්‍ය විජිත හේරත් මහතාට හිමි ව ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (25) කොළඹ චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද උත්සවයක දී මෙම දේශපාලන නායකයින් හමු වී ඇති අතර එහි දී එකිනෙකා සුහද ව ජයග්‍රහණය වෙනුවෙන් මාලිමා රජයට සුබ පතා තිබෙනවා.