විජයදාසගේ රුපියල් බිලියන 05ට නිදහස් පක්ෂය පාවා දුන්නා – දයාසිරි

1815 උඩරට ගිවිසුමෙන් රට පවා දුන් ආකාරයටම කන්ද උඩරට නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති හා ජ්‍යෙෂ්ඨ මහ ලේකම්වරයා හිටපු නායක මෛත්‍රිපාල සිරිසේන සමඟ එක්ව මුදලට පක්ෂය පාවා දුන් බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

මහනුවර දී ඊයේ (04) දින මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු මහ ලේකම්වරයා මේ බව සඳහන් කළා.

උගතෙකු වන විජයදාස රාජපක්ෂ සතුව රුපියල් බිලියන 05ක් තිබෙන බව මෛත්‍රිපාල සිරිසේන විසින් පක්ෂ කමිටුවක දී පුන පුනා සඳහන් කළ බව ද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

“අද කොහේවත් හිටපු කෙනෙක් ගෙනල්ලා එයාට මුදලට පක්ෂය පාවාදීලා එයා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කියලා මෛත්‍රිපාල සිරිසේන කියනවා. එයාට එහෙම තනි තීරණයක් ගන්න බෑ. දේශපාලන මණ්ඩලය, විධායක කමිටුව එක්ව තමයි එවැනි බරපතල තීන්දුවකට එන්න පුළුවන්. ඒ බව පක්ෂ ව්‍යවස්ථාවේ පැහැදිලිවම තිබෙනවා. මම පක්ෂයේ නායකත්වයට එන්න හදනවා කියලා එක එකාගේ කේලම් අහපු මෛත්‍රිපාල සිරිසේන මාව පක්ෂෙන් එළෙව්වා. මගේ සාමාජිකත්වය පවා අහෝසි කළා. මගේ දේශපාලන ගමන මුළුමනින් විනාශ කළා.
ඒ නිසා මට පක්ෂ විධායක කමිටුවට එන්න බෑ. දේශපාලන මණ්ඩලයට එන්න බෑ. කිසිම වැදගත් දෙයකට සහභාගී වෙන්න බෑ. මට විවිධ පක්ෂවලින් ආරාධනා ලැබුණත් මම පක්ෂය පාවාදීලා කොහෙටවත් යන්නේ නෑ. මගේ එකම අවශ්‍යතාවය නැවතත් පක්ෂ සාමාජිකත්වය ලබාගැනීම පමණයි. මට වුණ අසාධාරණය සම්බන්ධයෙන් අධිකරණය සාධාරණ තීන්දුවක් දෙනවා කියන විශ්වාසය මට තියෙනවා. දේශපාලන වශයෙන් ගමනක් යා යුතු නිසයි අපි පක්ෂ 20ක් එකතුවෙලා මානුෂිය ජනතා සන්ධානය හැදුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එපාවෙලා ඉන්න, කලකිරිලා ඉන්න සියලුදෙනා දැන් අප සන්ධානය වටේ එක් රොක් වෙනවා. අපි මේ සන්ධානයෙන් දිවයින පුරා සංවිධායකයෝ පත් කරන්න දැන් සැලසුම් කරලා තියෙනවා.
මේ සන්ධානය හරහා ජනාධිපතිවරණයට ඉල්ලන්න තරම් මම අධිතක්සේරුවක නෑ. ඒ ගැන අපි සාකච්ඡා කරනවා. අද ඡන්ද පනහක් ගන්න බැරි අය පවා ජනාධිපතිවරණයට ඉල්ලන්න සූට් මහගෙන ඉන්නවා. එහෙම ජනාධිපති සූට් මහගන්න වෙන අයට වගේ ජනාධිපති උණක් මට නෑ. අපේ මන්ත්‍රීවරු පිරිසක් පක්ෂයේ තීරණයට පිටින් ගිහින් අමාත්‍ය ධුර ලබා ගත්ත නිසයි මේ අර්බුද යන් ආරම්භ වුණේ. නමුත් ඉන්පස්සේ අපි හෙලිකොප්ටරය යටතේ සන්ධානගත වෙලා මන්ත්‍රීවරු 35ක් සම්බන්ධ කරගෙන එහි නායකත්වය මෛත්‍රිපාල සිරිසේනට දුන්නා.නමුත් එයා ඒ සන්ධානයට පයින් ගහලා ඉවත් වුණා. ඉන්පස්සේ කේලම් අහලා මාව ඉවත් කළා. ඊට පස්සේ තමයි පක්ෂයේ ප්‍රධාන අර්බුද පැනනැග්ගේ.
බණ්ඩාරනායක මහත්තයාගේ පක්ෂ ප්‍රතිපත්තිවලට පටහැනිව කටයුතු කරලා කාටවත් ඉදිරි ගමනක් නෑ. මම කවදාවත් මේ පක්ෂයේ තනතුරු ගන්න කුමන්ත්‍රණය කරලා නෑ. එහෙම නායකත්වය කාටවත් ගන්නත් බෑ. මට පක්ෂයේ ලේකම්කම නැවත අවශ්‍ය නෑ. මේ ඉන්න වැඩබලන අයටත් ඒ සඳහා මට ආරාධනා කරන්න හැකියාවක් නෑ. ඒ අය මට ආරාධනා කරන්නෙත් නෑ. මට වෙන පක්ෂවලින් ආරාධනා තිබුණට මම යන්නේ නෑ.
දැන් අපිට එක දෙයක් කරන්න තියෙනවා. අපේ පාක්ෂිකයෝ අතරමං වෙලා කලකිරිලා ඉන්නේ. මේ අධිකරණ ක්‍රියාමාර්ග සියල්ල අවසන් කරලා සියලුදෙනා සාකච්ඡා කොට එකඟතාවයකට පැමිණ පක්ෂය ගොඩනැගිය යුතුයි. එහෙම නැතුව එකිනෙකා බලයට කා කොටා ගත්තොත් මේ පක්ෂයට හෝ සාමාජිකයන්ට කවදාවත් ගොඩඑන්න බෑ. එහෙම එකතුවෙලා මේ රනිල් රාජපක්ෂ ජනතා ද්‍රෝහී රජය පන්නලා ජනතාවාදී රජයක් ස්ථාපිත කළ යුතුයි. කවුරු කොහොම කිව්වත් පොහොට්ටුවට ජනාධිපති අපේක්ෂකයෙක් නෑ. අන්තිමේට මේ අයගේ අපේක්ෂකයා වෙන්නේ රනිල් රාජපක්ෂ තමයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14