විකෘති වූ නව කොවිඩ් වෛරසයක් වියට්නාමයෙන් මතුවෙයි !

බ්‍රිතාන්‍ය සහ ඉන්දීය ප්‍රභේදය මුසුවූ නව කොරෝනා ප්‍රභේදයක් වියට්නාමයෙන් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට වියට්නාම සෞඛ්‍ය අමාත්‍ය එන්ගුවෙන් තාන්-ලෝන් ප්‍රකාශ කර ඇත්තේ වාතය මගින් සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඉතා භයානක බවයි.

කොරෝනා වෛරසය පාලනය කළ රටක් ලෙස වියට්නාමය සැළකෙන අතර, ගතවූ පැය විසි හතරේ එරටින් නව ආසාදිතයන් 143ක් පමණක් වාර්තාවී තිබූ බව එම මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 6,713ක් ලෙස සඳහන් වී ඇති අතර නව මරණ කිසිවක් එරටින් වාර්තාවී නොමැත. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 47ක් ලෙස සටහන් වී ඇත.

මේ අතර අදින් අවසන්වීමට නියමිතව තිබූ දිල්ලියේ වසා දැමීම ජූලි මස හත්වනදා දක්වා තවත් සතියකින් දීර්ඝ කර තිබේ.

කෙසේ වෙතත් නිෂ්පාදන හා ඉදිකිරීම් ව්‍යාපාර සඳහා සීමාවන්ට යටත්ව අවසර ලබාදී ඇති බව වාර්තාවේ.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයන් දහහත් කෝටි හයලක්ෂ නවසිය හතළිහක් දක්වා ඉහළ ගොස් තිබේ.

මරණ සංඛ්‍යාව 3547,690 ක් ලෙස දැක්වේ.

තවදුරටත් දෛනික ආසාදිතයන් සහ මරණ ඉහළ අගයක් ඉන්දියාවෙන් වාර්තාවන අතර, පසුගිය පැය විසි හතරේ එරටින් නව ආසාදිතයන් 174,041ක් සහ මරණ 3,614ක් වාර්තා වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09