වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දූත පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක (ඡායාරූප)

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලී ටර්ලාමිස් ඕ.ඒ.එම්. මහතා (Lee Tarlamis OAM), පවුලින් රිචඩ්ස් මහත්මිය (Pauline Richards) සහ ගරු ගැරී මාස් මහතා (Gary Mass) ඇතුළු දූත පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වී තිබෙනවා.

මෙහිදී දූත පිරිස පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් චමින්ද කුලරත්න හමුවූ අතර එහිදී ශ්‍රී ලංකාවේ පිහිටුවීමට නියමිත දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය, පාර්ලිමේන්තු දෙකෙහිම පවතින ආංශික අධීක්ෂණ කාරක සභා, මැතිවරණ ක්‍රමය, පාර්ලිමේන්තු ක්‍රියාදාමයන් පිළිබඳව සහ ශ්‍රී ලාංකික සිසුන්ට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන අවස්ථා තවදුරටත් වැඩි කිරීම ඇතුළු කරුණු පිළිබඳව සාකච්ඡා පැවැත් වුණා.

මෙම අවස්ථාවට ඔස්ට්‍රේලියාවේ ධම්ම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය සෙවනගල නන්දරතන හිමි, පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සහ ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ ඇතුළු පිරිසක් සහභාගි වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25