වෑන් රථ අනතුරකින් පුද්ගලයෙකු මරුට

කුරුණෑගල රිදීගම මාර්ගයේ මල්ලවපිටිය හන්දිය ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

රිය අනතුරකට ලක්වූ වාහනයක් අසල සිටි පුද්ගලයෙකු වෑන් රථයක ගැටීමෙන් ඊයේ අලුයම මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මල්ලවපිටිය දෙස සිට රිදීගම දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී අනතුරක් සිදුව තිබුණා.

එම අනතුරින් වෑන් රථයේ ගමන් කළ දැරියක් සුළු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනතුරින් පසු එම වෑන් රථයේ රියදුරා ඇතුලු පිරිසක් අනතුර වූ ස්ථානයේ මාර්ගය අසල සිටියදී රිදීගම සිට මල්ලවපිටිය දෙසට ධාවනය වූ තවත් වෑන් රථයක් මුලින් අනතුරට ලක් වු වෑන් රථයේ රියදුරා ඇතුලු දෙදෙනෙකුගේ සහ නතර කර තිබූ ත්‍රී රෝද රථයක මෙන්ම යතුරුපැදියක ද ගැටී ඇතැයි සඳහන්.

එම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් තුන්දෙනා කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් අයෙක් මියගොස් තිබෙනවා.

ඔහු හිඳගොල්ල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙක් බවයි පොලිසිය කියාසිටියේ.

මෘත ශරීරය කුරුණෑගල රෝහලේ තැන්පත් කර ඇති අතර එම අනතුරට වගකිව යුතු වෑන් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දොරටියාව පොලිසියයි මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14