spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෑන් රථ අනතුරකින් පුද්ගලයෙකු මරුට

කුරුණෑගල රිදීගම මාර්ගයේ මල්ලවපිටිය හන්දිය ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

රිය අනතුරකට ලක්වූ වාහනයක් අසල සිටි පුද්ගලයෙකු වෑන් රථයක ගැටීමෙන් ඊයේ අලුයම මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මල්ලවපිටිය දෙස සිට රිදීගම දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී අනතුරක් සිදුව තිබුණා.

එම අනතුරින් වෑන් රථයේ ගමන් කළ දැරියක් සුළු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනතුරින් පසු එම වෑන් රථයේ රියදුරා ඇතුලු පිරිසක් අනතුර වූ ස්ථානයේ මාර්ගය අසල සිටියදී රිදීගම සිට මල්ලවපිටිය දෙසට ධාවනය වූ තවත් වෑන් රථයක් මුලින් අනතුරට ලක් වු වෑන් රථයේ රියදුරා ඇතුලු දෙදෙනෙකුගේ සහ නතර කර තිබූ ත්‍රී රෝද රථයක මෙන්ම යතුරුපැදියක ද ගැටී ඇතැයි සඳහන්.

එම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් තුන්දෙනා කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් අයෙක් මියගොස් තිබෙනවා.

ඔහු හිඳගොල්ල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙක් බවයි පොලිසිය කියාසිටියේ.

මෘත ශරීරය කුරුණෑගල රෝහලේ තැන්පත් කර ඇති අතර එම අනතුරට වගකිව යුතු වෑන් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දොරටියාව පොලිසියයි මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
1
+1
5
+1
26
+1
6
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?