වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් කාන්තාවක් මරුට

තිරප්පනය අලිස්ථාන ප්‍රදේශයේශයේදී සිදු වූ වෑන් රථ අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිලාවතුර, බණ්ඩාරවේලි ප්‍රදේශයේ පිරිසක් ගමන් ගත් වෑන් රථයක් වංගුවකදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මාර්ගයෙන් ඉවතට පැන ඇති වෑන් රථය මාර්ගය අසළ සිටි කාන්තාවකගේ ගැටී ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවූ කාන්තාව අනුරාධපුර මහ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ තිරප්පනය අලිස්ථාන ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක්.

අනතුරට පත් රථයේ ගමන් කර ඇත්තේ එකම පවුලේ මවක, පියෙකු හා දරුවන් 4 දෙනෙකු බව ද සඳහන්.

අනතුරින් වෑන් රථයේ ගමන්ගත් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නැහැ.

රියදුරුට නින්දයාම හෝ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.

වෑන් රථය හා රියදුරු විමර්ශන කටයුතු සදහා තිරප්පනය පොලිස් ස්ථානයේ රථවාහන අංශය නිලධාරීන් විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

  1. අනතුරකදී photo ගැසීම අනතුරට පත් වූවන් බේරා ගැනීමට වඩා ප්‍රමුඛ කාර්යයක් බව මිනිසුන් සිතා සිටීම ඉතා භයානක වන අතර මෙ අවස්ථාවේ මා අවබෝධ කරගත් කරුණයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11