spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් කාන්තාවක් මරුට

තිරප්පනය අලිස්ථාන ප්‍රදේශයේශයේදී සිදු වූ වෑන් රථ අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිලාවතුර, බණ්ඩාරවේලි ප්‍රදේශයේ පිරිසක් ගමන් ගත් වෑන් රථයක් වංගුවකදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මාර්ගයෙන් ඉවතට පැන ඇති වෑන් රථය මාර්ගය අසළ සිටි කාන්තාවකගේ ගැටී ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවූ කාන්තාව අනුරාධපුර මහ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ තිරප්පනය අලිස්ථාන ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක්.

අනතුරට පත් රථයේ ගමන් කර ඇත්තේ එකම පවුලේ මවක, පියෙකු හා දරුවන් 4 දෙනෙකු බව ද සඳහන්.

අනතුරින් වෑන් රථයේ ගමන්ගත් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නැහැ.

රියදුරුට නින්දයාම හෝ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.

වෑන් රථය හා රියදුරු විමර්ශන කටයුතු සදහා තිරප්පනය පොලිස් ස්ථානයේ රථවාහන අංශය නිලධාරීන් විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?