වැසූ දුම්රිය ගේට්ටුවෙන් රිංගු රථය දුම්රියේ හැපේ

යාපනය කොඩිකාමම් පොලිස් වසමේ තවසිකුලම් ප්‍රදේශයේදී ඊයේ (03) සවස දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් සිදු වූ අනතුරින් කැබරථ රියදුරු මිය ගොස් ඇතැයි පොලීසිය පැවසීය.

යාපනයේ සිට කොළඹ බලා ධාවනනය වූ සීග්‍රගාමි දුම්රියට ඊයේ සවස තවසිකුලම් ප්‍රදේශයේ පිහිටි දුමරිය හරස් මාර්ගයකදී මෙලෙස කැබ් රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇත.

එහිදී කැබ් රථයේ රියදුරු විසින් දුම්රිය හරස් මාර්ගයේදී අනතුරු සංඥා දැල්ව තිබියදී කැබ් රථය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කිරීමට උත්සහ ගනිද්දි මෙලෙස දුම්රියේ ගැටුනු බවට අසල්වාසීන් විසින් පොලීසියට පවසා තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ කැබ්රථ රියදුරු චාවකච්චේරි රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ තවසිකුලම් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තිදරු පියෙකු වූ සූසෙයිනාදන් ප්‍රදීපන් නැමැත්තෙකි.

අනතුරින් කැබ් රථයටද බරපතල හානි සිදුව තිබූ අතර කැබ්රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය පැදිවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි සැකපල කරන බවටද පරික්ෂණ සිදුකරන කොඩිකාමම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37