වැස්සෙන් පස්සෙ එක පෙළට කඩුලු බිඳ වැටුණත් බංග්ලාදේශ පළමු ඉනිම ශක්තිමත්

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට බංග්ලාදේශය ලකුණු 484ක දැවැන්ත ඉනිමක් ගොඩනැගීමට සමත් ව සිටිනවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ඊයේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමු ව පිතිකරණය තෝරාගත් බංග්ලාදේශයේ මුල් කඩුලු තුන ලකුණු 50කටත් අඩුවෙන් බිඳ වැටුණ ද, ප්‍රවේසම්කාරී හා වගකීම්සහගත ඉනිම් ද්විත්වයක් ගොඩනැගූ නායක ෂැන්ටෝ හා මුෂ්ෆිකර් රහීම්ගේ ඉනිම මෙහිදී වර්ණවත් වුණා.

සිව්වැනි කඩුල්ලට ලකුණු 264ක දැවැන්ත සබඳතාවක් ගොඩනගමින් සිටියදී නජ්මුල් ෂැන්ටෝ අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දැවී යන විට ලකුණු 148ක් ලබා සිටියා.

ඉන් අනතුරුව මුෂ්ෆිකර් සමග තවත් ලකුණු 146ක ශක්තිමත් සබඳතාවක් ගොඩනැගූ ලිට්න් දාස් ලකුණු 90ක් ලබා ගැනීමට සමත් වුණා.

හැඩකාර ඉනිමක් ක්‍රීඩා කළ රහීම් ලකුණු 163ක් රැස් කළේ හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් ද සමගින්.

දිනය අවසන් වන විට ඉතා වේගයෙන් බංග්ලාදේශයේ කඩුලු බිඳ වැටී ගිය අතර අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක හා තරිඳු රත්නායක එක් ව කඩුලු තුන බැගින් බිඳ හෙලුවා.

හෙට තරගයේ තෙවැනි දිනයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46