spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැව ළඟ චන්ඩි සොයා පොලිස් විමර්ශන – නිවෙස්වලිනුත් පළා ගිහින්

තංගල්ල පොලිස් වසමේ වැවක් ආසන්නයේ දී පිරිසක් විසින් තරුණයෙකුට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල සැරිසරනවා.

පසුගිය 14 වනදා මෙම පහරදීම සිදුව ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන පැමිණිල්ල ඊයේ (23) දිනයේ දී පොලීසියට ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

ඒ අනුව මෙම පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

කෙසේ වෙතත් පහරදීමට සම්බන්ධ සැකකරුවන් මේ වනවිට ඔවුන් පදිංචි නිවෙස්වලින් පළාගොස් ඇති අතර, ඔවුන් වයස අවුරුදු 17 සහ 15 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වුණේ.

පහරකෑමට ලක්ව ඇත්තේ වයස අවුරුදු 17ක තරුණයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
7
+1
61
+1
4
+1
13
+1
1
+1
12
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?