වැවේ මාළු අල්ලන්නයි සිතා එලූ දැලට නොසිතූ දෙයක් හසුවෙයි

වැවක ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයෙකුගේ මාළු දැළක මළ සිරුරක් පැටලී තිබී හමුවීමේ පුවතක් මහව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙය සිදුව ඇත්තේ මහව, කරඹේ, කුලසැන්දෑව වැවෙහි යි.

වැවෙහි එළන ලද මාළු දැලක පැටලි තිබූ මෙම සිරුර එම ග්‍රාමයේම වෙසෙන පුද්ගලයෙකුගේ බවට යි මේවන විට අනාවරණය වී ඇත්තේ.

ඔහු 42 හැවිරිදි වියෙහි පසුවන සිසිර කුමාර රත්නායක නමැති දෙදරු පියෙකු බව පොලීසිය සඳහන් කළා.

ගවයන් බැඳීමට බව කියමින් මෙම පුද්ගලයා නිවසින් පිටව ගොස් ඇත්තේ පසුගිය 29 වැනි දා යි.

ඉන් අනතුරුව අතුරුදන් වූ ඔහු පිළිබඳ ගම්වාසීන් එක්ව සොයා බැලීමට කටයුතු කර තිබෙනවා.

වැවෙහි එලා තිබූ මාළු දැළක පැටලී තිබූ සිරුර ගම් වාසීන් දැක ඇත්තේ ඒ අනුවයි.

ගල්ගමුව නැගෙනහිර දකුණු කෝරළයේ හදිසි මරණ පරීක්ෂකවරයා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බවත් සිරුර ඥාතීන් විසින් හඳුනා ගත් බවත් පොලිසිය ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37