spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැවේ මසුන් ඇල්ලීමට ගිය දෙදෙනෙක් ජීවිතක්ෂයට

ගල්ගමුව සියඹලන්ගමුව වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද උදෑසන මෙම පුද්ගලයන් දෙදෙනා වැවේ වැඩි ජලය ගලා යාමට ඇති ඇල මාර්ගයක් අසල මසුන් ඇල්ලීමේදී මෙම අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් වැවේ සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් මියගොස් ඇතැයි සඳහන්.

මියගොස් ඇත්තේ උස්ගල ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා සෙබළෙක් වන 47 හැවිරිදි අයෙක් සහ එම ප්‍රදේශයේම පදිංචි 21 හැවිරිදි අයෙක්.

මෘත ශරීර ගල්ගමුව රේාහලේ තැන්පත් කර ඇති අතර මිගලෑව පොලිසියයි පරීක්ෂණ සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?