වැවේ පාසි අතර සිරවී සිටි මුවන් දෙදෙනෙකුගේ දිවි බේරා ගනී (ඡායාරූප)

ආහාර හා ජලය සොයා පැමිණි අවස්ථාවේ වැවක පාසි ගොල්ලක පැටලී දියේ ගිලී ජීවිතයත් මරණයත් අතර පොර බදිමින් සිටි තිත් මුව යුවලකගේ දිවි බේරා යළි නිරුපද්‍රිතව වනයට මුදා හැරීමට යුධ හමුදා සෙබලෙකු හා තවත් තරුණයකු කටයුතු කර තිබෙනවා.

ගල්කිරියාගම හැළඹවැව තුල පාසිවල සිරවී සිටියදී යි අදාළ තිත් මුව යුවළ ඔවුන් විසින් මෙලෙස බේරා ගෙන ඇත්තේ.

දියෙන් පිරී පවතින එම වැව තුළ දැඩි ලෙස පාසි වර්ධනය වී ඇති අතර ජලය හා ආහාර සොයා වැවට පැමිණි අවස්ථාවේ එම තිත් මුව යුවළ මෙලෙස පාසි තුළ සිරවන්නට ඇතැයි සැක කෙරෙනවා.

තිත් මුවන් දෙදෙනකු වැවේ පාසි තුල සිරවී මරණාසන්නව සිටින බවට ලත් තොරතුරක් අනුව වහාම ක්‍රියාත්මක වී ඇති අඹගස්වැව වල්පාලුගම ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබලකු හා තවත් තරුණයකු එම තිත් මුව යුවළ බේරා ගැනීමට මෙලෙස කටයුතු කර තිබුණා.

දියෙන් පිරී, පාසිවලින් වැසී ඇති එම වැවට බැස ඇති ඔවුන් දෙදෙනා පැයක පමණ කාලයක් මහත් පරිශ්‍රමයක් යොදා සිරවී දියේ ගිලෙමින් සිටි එම මුවන් දෙදෙනා බේරාගෙන ගොඩ ගැනීමට සමත්ව තිබෙනවා.

මුදා ගත් එම මුවන් දෙදෙනා එම ස්ථානයට යාබදව ඇති රක්ෂිතයට නිරුපද්‍රිතව මුදා හැරීමට ඔවුන් කටයුතු කර තිබූ අතර පසුව සිද්දිය සම්බන්ධයෙන් ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය දැනුම්වත් කිරීමට ද ඔවුන් පියවර ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15