වැවිලි සමාගම් කිහිපයක් EPF ගෙවීම පැහැර හැරලා

වතු ක්ෂේත්‍රයේ වැවිලි සමාගම් කිහිපයක් EPF ගෙවීම පැහැර හැර ඇති බව විදේශ රැකියා සහ ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී අනාවරණය වී තිබෙනවා.

එම හිඟ මුදල් විශාල ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදලට ගෙවීමට ඇති බවත් එහිදී වැඩිදුරටත් කරුණු අනාවරණය වී ඇති බව වාර්තා වනවා.

වතු ක්ෂේත්‍රයේ සමාගම් විසින් ගෙවන ලද මුදල් රුපියල් මිලියන 700ක පමණ ප්‍රමාණයක් පිළිබඳ ලබාදී ඇති තොරතුරුවල පරස්පරතා හේතුවෙන් ගිණුම්ගත කිරීමට නොහැකි වී ඇති බව ද පසුගිය ජූනි 22 වැනිදා රැස් වූ මෙම කාරක සභාව හමුවේ දී හෙළිව තිබෙනවා.

සේවකයන්ව ආරක්ෂා කරමින් සේවක අර්ථසාධක අරමුදලට ගෙවීමට ඇති හිඟ මුදල් සහ වර්තමාන මාසික ගෙවීම් කටයුතු ක්‍රමානුකුලව සිදුකරගෙන යාමට කටයුතු කරන ලෙස කාරක සභාවේ සභාපති හෙක්ටර් අප්පුහාමි විසින් වැවිලි සමාගම් නියෝජිතයන්ට උපදෙස් ලබා දුන්නා.

එමෙන්ම ජාතික හැඳුනුම්පත් අංකයට අනුව ගිණුම් ආරම්භ කිරීම මගින් එකම පුද්ගලයෙකුට ගිණුම් කිහිපයක් තිබීමේ ගැටළු මගහරවා ගැනීමට හැකි බවත්, ඒ සඳහා අවධානය යොමු කර ක්‍රියා කරන ලෙසත් කාරක සභාව නිලධාරීන්වෙත උපදෙස් ලබාදෙනු ලැබුවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම්වරයා, කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන්, මහබැංකුවේ සේවක අර්ථසාධක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ වතු ක්ෂේත්‍රයේ වැවිලි සමාගම්වල නියෝජිතයින්ද මෙම රැස්වීමට සහභාගීව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14