වැව් පතුලේ සැඟවී ගිය තරුණ ජීවිත දෙක සොයා ගනී

නෝර්ටන්බ්‍රිජ්, ලොනැක්වත්ත ප්‍රදේශයේ වැවක දියනාමින් සිටියදී දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනාගේ මළ සිරුරු සොයාගෙන තිබේ.

ඊයේ (19) පස්වරුවේ දියේ ගිලී අතුරුදන් වූ එම පුද්ගලයින් දෙදෙනාගේ මළ සිරුරු යුද හමුදා භට පිරිස් විසින් අද (20) උදෑසන සොයාගත් බව වාර්තාකරු පැවසුවේය.

මියගොස් ඇත්තේ 24 සහ 35 හැවිරිදි වියේ පසුවන නෝර්ටන්බ්‍රිජ් සහ හලාවත යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

අදාළ පුද්ගලයින් ලොනැක්වත්ත ප්‍රදේශයේ ගොවිපලක සේවයේ යෙදි සිට දියනෑමට ගිය අවස්ථාවේ එම අනතුරට ලක්ව ඇති බව පොලීසිය පැවසුවේය.