වැවක දිය නෑමට ගිය සිසුවෙක් මරුට

දන්තුරේ ප්‍රදේශයේ වැවක දිය නෑමට ගිය 15 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඔහු තවත් සිසුන් 7 දෙනෙකු සමග අද පෙරවරුවේ දන්තුරේ සිකුරාපොත වැවේ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ දන්තුරේ වල්ගම්පාය ප්‍රදේශයේ පදිංචිව සිටි දන්තුරේ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවෙක්.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම වැවේ මේවන විට තරුණයන් 7 දෙනෙකු මෙන්ම එක් තරුණියක් ද දියේ ගිලීමෙන් මියගොස් ඇති බවයි.