වැවකින් ගොඩගත් පුද්ගල මළසිරුර

මරදන්කඩවල -පෙරියකුලම වැවේ දියේ ගිලී තිබුණු පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ඊ‍යේ (08) පස්වරුවේ කළ සෝදිසි මෙහෙයුමක දී මෙම පුද්ගල මළසිරුර සොයා ගත් බව මරදන්කඩවල පොලිසිය පැවසූ බවයි.

පොලිසියට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම මෙහෙයුම සිදු කර තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ පේරාදෙණිය – අගුණාවල ප්‍රදේශයේ පදිංචි සිටි පණ්ඩිතරත්න වාසල මුදියන්සේලාගේ චින්තක රසික බණ්ඩාර නමැති 35 හැවිරිදි විවාහක පුද්ගලයකු බවට හෙළි ව තිබෙනවා.

මියගිය පුද්ගලයා කැකිරාව – ඔළුකරද ප්‍රදේශයේ පිහිටි සිය බිරිඳගේ නිවසේ සිට දිය නෑම සඳහා ත්‍රීරෝද රථයකින් පෙරියකුලම වැවට පැමිණ ඇති බවටයි හෙළි ව ඇත්තේ.

මේ වනවිට ගොඩගෙන ඇති මළසිරුර පවුලේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇති අතර එම මරණය දියේ ගිලීමෙන් සිදු වූවක් විය හැකි බවට පොලිසිය අනුමාන කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12