වැලි මීයා සමග ඝාතනයකට පිඹුරුපත් ඇදි පස්දෙනෙකු අල්ලයි

ව්‍යාපාරිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඝාතනය කරන බවට තර්ජනය කර මුදල් ලබා ගැනීමේ නිරත සංවිධානාත්මක කල්ලියකට අයත් පුද්ගලයන් පස්දෙනෙක් තියුණු ආයුධ හා අත්බෝම්බ සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.

මෙම සැකකරුවන් අතර අපරාධ රැසකට සම්බන්ධ “වැලි මීයා” නමැත්තා ද වන බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ දෙකක්, කඩු දෙකක් ,අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිගෑම් 500 ක්, සුඛෝපභෝගී මෝටර් රථයක් සහ යතුරුපැදි දෙකක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හීනටියන මහේෂ් නමැත්තාගේ සමීපතම අනුගාමිකයකු වන තිළිණ ප්‍රසන්න නොහොත් සුද්දා නමැති පුද්ගලයා ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලකට ලද තොරතුරකට අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මිනුවන්ගොඩ දෙමටගොල්ල – හොරම්පැල්ල ප්‍රදේශයේ නිවසක් වැටලූ බවයි පොලිසිය සඳහන් කළේ.

එම අවස්ථාවේදී එම පුද්ගලයා නිවසේ නොසිටි අතර පොලිස් නිලධාරීන් එම නිවස ආසන්නයේ සැඟවී සිටීමේදී සැක කටයුතු සුඛෝපභෝගී මෝටර් රථයක් සහ ඊට පිටුපසින් පැමිණි යතුරුපැදි දෙකක් නවතා පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එහිදියි ඝාතනයට යොදා ගැනීමට සූදානමින් තිබූ අවි ආයුධ සමග නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගැනුණේ.

සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සඳහා හීනැටියන මහේෂ් නමැත්තාගේ උපදෙස් මත සැලසුම් කර ඇති බවත් මෙම ක්‍රියාවලිය සඳහා තිළිණ ප්‍රසාද් නොහොත් සුද්දා නමැත්තා ද සම්බන්ධ කර ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබූ බව ද ඒ අනුව සුද්දා නමැත්තා සොයා ඔවුන් මෙලෙස පැමිණි බවත් පාපොච්චාරණය කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රඳවා තබා ප්‍රශ්න කිරීමේ නියෝග ගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14