spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැලි පටවාගත් ට්‍රැක්ටරයක ගිය දරුවෙකුට වනජීවී නිලධාරිකුගෙන් වෙඩි ප්‍රහාරයක්

ට්‍රැක්ටරයක සිය පියා සමඟ ගමන් ගනිමින් සිටි 13 හැවිරිදි දරුවකුට, රබර් උණ්ඩ යොදා වෙඩි තබා තුවාල සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වනජීවී නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුකැලියාව කලාපයට අනුයුක්තව සේවය කරන අදාල වනජීවී නිලධාරියා රාජාංගණය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

විල්පත්තු රක්ෂිතයේ සිට අනවසරයෙන් වැලි ගොඩදමා නොච්චියාගම දෙසට වැලි පටවා ගෙන යමින් සිටි ට්‍රැක්ටරයක් නවත්වන ලෙසට වනජීවී නිලධාරීන් දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් එම අණ නොතකා ට්‍රැක්ටරය ධාවනය කිරීමටයි එහි රියදුරා කටයුතු කර ඇත්තේ.

එම අවස්ථාවේ එහි සිටි වනජිවි නිලධාරියතු විසින රබර් උණ්ඩ යොදා රියදුරාට වෙඩි තබා ඇති අතර එය වැරදීමකින් එම ට්‍රැක්ටරයේ ගමන් ගනිමින් සිටි මෙම දරුවාට වැදී තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී තුවාල ලැබූ දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?