වැලි පටවාගත් ට්‍රැක්ටරයක ගිය දරුවෙකුට වනජීවී නිලධාරිකුගෙන් වෙඩි ප්‍රහාරයක්

ට්‍රැක්ටරයක සිය පියා සමඟ ගමන් ගනිමින් සිටි 13 හැවිරිදි දරුවකුට, රබර් උණ්ඩ යොදා වෙඩි තබා තුවාල සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වනජීවී නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුකැලියාව කලාපයට අනුයුක්තව සේවය කරන අදාල වනජීවී නිලධාරියා රාජාංගණය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

විල්පත්තු රක්ෂිතයේ සිට අනවසරයෙන් වැලි ගොඩදමා නොච්චියාගම දෙසට වැලි පටවා ගෙන යමින් සිටි ට්‍රැක්ටරයක් නවත්වන ලෙසට වනජීවී නිලධාරීන් දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් එම අණ නොතකා ට්‍රැක්ටරය ධාවනය කිරීමටයි එහි රියදුරා කටයුතු කර ඇත්තේ.

එම අවස්ථාවේ එහි සිටි වනජිවි නිලධාරියතු විසින රබර් උණ්ඩ යොදා රියදුරාට වෙඩි තබා ඇති අතර එය වැරදීමකින් එම ට්‍රැක්ටරයේ ගමන් ගනිමින් සිටි මෙම දරුවාට වැදී තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී තුවාල ලැබූ දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34