spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැලිමඩ ගින්න තවදුරටත් පැතිර යයි (ඡායාරූප)

වැලිමඩ එරනවල ප්‍රදේශයේ ඇතිවූ ගින්න තව දුරටත් පැතිර යන බව අප වාර්තාකරුවන් පවසනවා.

ඊයේ දහවල් හටගත් මෙම ගින්නෙන් රජයේ වන වගාවක් සහ පුද්ගලික තේ වගා බිම් කිහිපයක් ඇතුළු විශාල වගා ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා.

වියළි කාලගුණය සමග පට්ටිපොල කළුකැලේ ප්‍රදේශයට ද ගින්න පැතිර යාමේ අවදානමක් පවතින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

ප්‍රදේශවාසීන් සහ අඩවි වන නිලධාරීන් ගින්න නිවීම සඳහා ඊයේ සිට දැඩි පරිශමයක් දරන නමුත් එය මැඩ පැවැත්වීමට හැකිවී නැහැ.හේන් ගොවිතැන් කරන පුද්ගලයින් විසින් මෙම ගිනි තැබීම මුලින් සිදුකරන්නට ඇති බවට අඩවි වන නිලධාරීන් සැක කරනවා.

WhatsApp Image 2023 02 16 at 08.37.31
WhatsApp Image 2023 02 16 at 08.37.29
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?