වැලිගම හෝටලයක යකා නැටූ විදේශිකයා ජීවිතක්ෂයට

වැලිගම කුරුඳුවත්ත ප්‍රදේශයේ සංචාරක නිකේතනයක කාමරයට ගිනි තබා එම ගින්නට පැනීම හේතුවෙන් පිලිස්සුම් තුවාල ලබා සිටි ඊජිප්තු ජාතිකයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු මාතර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (16 ) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වැලිගම කුරුඳුවත්ත ප්‍රදේශයේ සංචාරක නිකේතනයක ලැගුම්ගෙන සිටි මෙම විදේශිකයා විසින් එහි හිමිකරුට තියුණු ආයුධයකින් පහරදී පසුව කාමරයට ගිනි තබා එම ගින්නට පැන තිබුණා.

ඔහු 33 හැවිරිදි ඊජිප්තු ජාතිකයෙක්.

මෙම සංචාරකයා කුඹල්ගම ප්‍රදේශයේ සංචාරක නිකේතනයක වසර තුනකට අධික කාලයක් නේවාසිකව සිට ඇති අතර ගෙවී ගිය මාසයක පමණ කාලයක සිට ගෙවිය යුතු මුදල් පැහැර හැරීම සම්බන්ධයෙන් හිමිකරු සහ විදේශිකයා අතර පසුගිය 2 වනදා බහින්බස් වීමක් සිදුවී තිබෙනවා.

එහිදි ඊජිප්තු ජාතිකයා විසින් තියුණු ආයුධයකින් හිමිකරුට පහරදී තමා නේවාසිකව සිටි කාමරයට ද ගිනි තබා ගෑස් ටැංකියක් ද ගිනි ගොඩට දමා තිබුණා.

ගිනි තැබීමෙන් වටිනා ගෘහ භාණ්ඩ ඇතුලු උපකරණ රැසක් විනාශයට පත්ව තිබූ අතර ඔහුද ගින්නට පැන සියදිවි නසා ගැනීමටයි උත්සාහ කර තිබුණේ.

පිලිස්සුම් තුවාල ලැබූ මෙම සංචාරකයා බේරා ගෙන මාතර මහ රෝහලට ඇතුළත් කර බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ ප්‍රතිකාර ලබමින් සිටි බව සඳහන්.

සිදුවී තිබූ බරපතළ තුවාල හේතුවෙන් ඔහු ඊයේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෘතදේහය මෙවන විට මාතර රොහලේ තැන්පත් කර ඇති අතර මෙම සංචාරකයගේ ඥාතීන් පැමිණීමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53