වැලිගම ස්ථානාධිපති ශරීර ඇප මත නිදහස් – විදෙස් ගමන් තහනමකුත්

වැලිගම පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

අද (04) පෙරවරුවේ ස්ථානාධිපතිවරයා මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාරවීමෙන් අනතුරුව අදාළ නඩුව කැඳවූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වැලිගම පොලිස් ස්ථානාධිපතිවරයා ව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට නියෝග ලැබී තිබෙනවා.

මීට අමතර ව ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති අතර හෙට (05) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙසට ද නියෝග කර තිබෙනවා.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ සිදුවීමට අදාළ ව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ද ලැබී තිබූ පසුබිමකයි ඔහු අද පෙරවරුවේ අධිකරණයට භාරවූයේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16