වැලිගම සභාවේ හිස් වූ පුටුවට සජබයේ තුන්කොන් සටනක් ?

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්‍ෂයට පත්වීමෙන් පසු පුරප්පාඩු වී තිබෙන එම ධූරය සඳහා මේ වන විට එම පක්ෂය තුළ තුන්කොන් සටනක් නිර්මාණය වී තිබෙනවා.

පැවති පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය සඳහා මන්ත්‍රීධූර 22 ක්ද සමගී ජන බලවේගයට මන්ත්‍රීධූර 9 ක්ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු සඳහා මන්ත්‍රීධූර 6 ක්ද ස්වාධින කණ්ඩායමට මන්ත්‍රී දුර 3 ක්ද එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධූර 2 ක් සහ සර්වජන බල පක්ෂයට මන්ත්‍රී දුර 2 හා පොදු ජන එක්සත් පෙරමුණ මන්ත්‍රීධූර 01 වශයෙන් හිමිකර ගැනීමට සමත් වුණා.

එහෙත් වැලිගම ප්‍රාදේශීය සභාවේ බහුතර බලය කිසිදු පක්ෂයක් හෝ කණ්ඩායමක් ලබාගැනීමට අසමත් වූ අතර නමුත් සමගී ජන බලවේගය ප්‍රමුඛ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබාගත් සියළු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 23 ක් ලෙස පැවතුණා.

කෙසේ නමුත් වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා අභිනව සභාපතිවරයකු තෝරා පත්කර ගැනිම ඉකුත් ජූලි මස 24 වෙනි දින දින දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් උමංගා එරන්දි මෙන්ඩිස්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

ඒ අනුව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ලසන්ත වික්‍රමසේකර තේරී පත් වුණා.

කෙසේ වුවද වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස මාස තුනකට ආසන්න කාලයක් එම ධූරයේ ලසන්ත වික්‍රමසේකර කටයුතු කළා.

නමුත් ඉකුත් 22 දින ලසන්ත වික්‍රමසේකර මහතා සිය නිල කාමරයේ රාජකාරී කටයුතු කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වීම නිසා එම තනතුර පුරප්පාඩු වී තිබෙනවා.

එම තනතුර සඳහා පුරප්පාඩුව මේ වන විටත් පවතින අතර ඒ සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් පැරණි මන්ත්‍රීවරයෙක් ගේ නම පක්ෂය විසින් යෝජනා කොට ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා හිටපු මන්ත්‍රීවරු පිරිසක් ද සහයෝගය ලබාදෙන බවයි සදහන් වන්නේ.

නමුත් නවක මන්ත්‍රීවරයෙක් ලෙස තවත් ජනප්‍රිය චරිතයක් ද මෙම සභාපති ධුරයට යෝජනා වී තිබෙනවා.

එම මන්ත්‍රීවරයාගේ නම මෙතෙක් ස්ථිර වී නොමැති බව ද ආරංචි මාර්ග පවසනවා.

කෙසේ වුවද මේ වන විට නවක චරිතයක් සභාපති ධුරයට පත් කිරීමට වැලිගම ප්‍රාදේශීය සභාවේ බහුතරයක් එකඟ වී ඇති බවට ආරංචි මාර්ග පවසනවා.

ඒ සදහා ජනතාවගේ ද මනාපය හිමිවී තිබෙනවා.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සම්බන්ධයෙන් දවසින් දවස උණුසුම් වන අතර මේ පිළිබඳව පැරණි මන්ත්‍රීවරයෙකු පත්කිරීමට කටයුතු කළහොත් මන්ත්‍රීවරු කණ්ඩායම් කිහිපයකට බෙදී යන බවද ආරංචි මාර්ග පවසනවා.

මේ වන විට ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සමග ජන බලවේගයේ පක්ෂෂ මූලස්ථානයේදී (31 ) දින පැවැත්වීමට නියමිත බවද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජුන් බිහිකළෙත් අපි..රජා ගෙදර යැවුවෙත් අපි හාමුදුරුවනේ - සිවුර දාගත්ත අපිට කොන්දක් තිබ්බා
04:21
Video thumbnail
22 ඉර හඳ වගේ, අනිවාර්යෙන් සම්මත කරනවා
04:14
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:50
Video thumbnail
සත්තුන්ට කන්නත් මොකුත් නෑ - වියළි කාලගුණය නිසා ගවයින් අමාරුවේ
02:27
Video thumbnail
ජනතාවගේ විශ්වාසය කඩ වුණොත් විශාල ප්‍රශ්නයක් වෙනවා
03:18
Video thumbnail
පීඩාවට පත් වූ ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:59
Video thumbnail
ඩී.වී. චානකගේ ප්‍රකාශයට ඇමති නලින්ද පිළිතුරු දෙයි - නොරොච්චෝලය නවත්තන්න වෙයිද ?
01:44
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59