වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ඝාතනයේ කොන්ත්‍රාත්තුව මිලියන 02යි – වෙඩික්කරු සියල්ල වමාරයි

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය රුපියල් මිලියන 02ක කොන්ත්‍රාත්තුවකට සිදුකරන ලද්දක් බවට විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

මහරගම, නාවින්න ප්‍රදේශයේ දී ඊයේ (26) පස්වරුවේ අත්අඩංගුවට ගැනුණු ඝාතනය සිද්ධියේ වෙඩික්කරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීයි මේ බව හෙළිව ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු මෙම ප්‍රධාන සැකකරු පැය 72 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය, රාජ්‍ය බුද්ධි සේවය සහ ප්‍රාදේශීය පොලිස් ඒකක සම්බන්ධ වූ සම්බන්ධීකරණ මෙහෙයුමක කොටසක් ලෙස මෙම සැකකරු ඊයේ (26) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කළ සිද්ධියට අදාළව මේ වනවිය එක් සැකකාරියක් සහ සැකකරුවන් හයදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් ගාල්ල, කැකිරාව සහ වැලිගම යන ප්‍රදේශවල පුද්ගලයින් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් අය අතර වෙඩික්කරුගේ බිරිඳ සහ වෙඩික්කරුට පළා යාමට සහාය දුන් බව කියන යතුරුපැදිකරු ද වනවා.

ඊයේ (26) අලුයම අනුරාධපුර, කැකිරාව ප්‍රදේශයේ දී වෙඩික්කරුගේ බිරිඳ සහ තවත් සැකකරුවන් දෙදෙනෙක් මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් අතර, එම අත්අඩංගුවට ගැනීමේ දී වෙඩික්කරු පළාගොස් තිබුණා.

පළා ගිය වෙඩික්කරු ඊයේ දිනම මහරගම නාවින්න ප්‍රදේශයේ දී අල්ලා ගැනීමටයි සමත් වුණේ.

පසුගිය ක්තෝබර් 22 වනදා වැලිගම ප්‍රාදේශීය සභාව තුළ දී සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩි තබා ඝාතනය කෙරුණා.

මෙම අපරාධය සම්බන්ධ විමර්ශනය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂිත පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07