spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැලිගම දී වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය CCD නිලධාරියාට උසස්වීමක්

වැලිගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි හුවමාරුවක දී ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර තිබෙනවා.

ඊට අමතරව අදාළ පොලිස් නිලධාරියාට පොලීසිය විසින් රුපියල් ලක්ෂ 15ක මුදලක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

එමෙන්ම ඔහුට හිමිවිය යුතු සියලු වරප්‍රසාද පොලීසිය මඟින් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

මාතර, වැලිගම ප්‍රදේශයේ පසුගිය 31 වනදා සිදුකළ වැටලීමක් අතරතුර දී කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයක්තව සේවය කළ පොලිස් නිලධාරියෙක් වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ වයස අවුරුදු 46ක් වූ ගලේවල ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් නිලධාරියෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?