spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැලිකන්දේ දී දුම්රියේ වන අලියෙක් ගැටී දරුණු අනතුරක් (ඡායාරූප)

මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියේ වන අලියෙකු ගැටීමෙන් ඊයේ (10) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

වැලිකන්ද – පුල්ලියාරඅඩි ප්‍රදේශයේ දී අද රාත්‍රි 8.30ට පමණ මෙම වන අලියා දුම්රියේ ගැටී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට පැය කිහිපයක් බාධා එල්ල වී තිබුණා.

සෝමාවතිය හා මාදුරුඔය වනෝද්‍යාන අතර, වන අලි මාරුවන ස්ථානයක්වන මෙම ප්‍රදේශයේ දී මීට පෙර ද දුම්රියේ වන අලි ගැටීමෙන් අනතුරු සිදුව ඇති බවයි වැලිකන්ද වනජීවි කාර්යාල සඳහන් කළේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, වනජිවි නිලධාරීන් සහ පොලීසිය එක්ව දුම්රියේ ගැටි ඊට සිරව සිටි වන අලියා ඉවත් කිරීමට විශේෂ මෙහෙයුමක් ඊයේ (10) රාත්‍රියේ ම ආරම්භ කළ බවයි තොරතරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?