spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැලිකතරේ අවසන් මහා සටනේ දී වනිඳුගෙන් සුපිරි අර්ධ ශතකයක්

ඉන්ටර්නැෂනල් ලීග් T20 තරගාවලියේ අවසන් මහා තරගය මේ වනවිට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මකයි.

ඒ, මෙවර අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ ඩෙසර්ට් වයිපර් කණ්ඩායම සහ ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායම අතරයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දෙන ඩෙසර්ට් වයිපර් කණ්ඩායම මේ වනවිට කඩුලු 06ක් දැවී ලකුණු 116ක් රැස්කරෙගන සිටිනවා.

එහිදී ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග පන්දු 21ක් තුළ වේගවත් අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වුණා.

ඔහුගේ අර්ධ ශතකයට අලංකාර හතරේ පහර 06ක් සහ දැවැන්ත හයේ පහර 02ක් ඇතුළත්.

ඉන්ටර්නැෂනල් ලීග් T20 තරගාවලිය තුළ වනිඳු රැස්කළ පළමු අර්ධ ශතකය මෙය වීමද විශේෂත්වයක්.

කයිස් අහමඩ්ගේ පන්දුවක් හමුවේ වනිඳු දැවී යනවිට පන්දු 27කට මුහුණ දෙමින් ලකුණු 55ක් රැස් කරගෙන සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
82
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?