වැලිකඩ සිට රංජන් එවූ ලියමන…

රන්ජන් රාමනායක කියන්නේ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම දේශපාලකයෙක්.මේ වනවිට ඔහි සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේ.බන්ධනාගාරය තුල සිටියදි ඔහු තම ආදරණීය හිතවතුන් වෙනුවෙන් ලිපියක් යොමු කර තිබෙනවා.
ගොසිප් ලංකා නිව්ස් කන්ඩායමත් ඔහුගේ මේ ලිපිය ඔහුගේ රසිකයන් වෙනුවෙන් මෙසේ ඉදිරිපත් කරනවා.


වැලිකඩ බන්ධනාගාරයේ සිට රන්ජන් ලියූ ලිපිය.

දෙසැම්බර් 21 වන දින
වැලිකඩ බන්ධනාගාරයේ දී.

මාගේ ජනතාවනි,

ගොඩ දවසකින් මට මෙහෙම ලියන්න හම්බවුණේ නැහැ. මම දන්නවා ඔයගොල්ලෝ මං පණිවිඩයක් එවනකන් බලාගෙන හිටපු බව. එවපු පණිවිඩ ආසාවෙන් කියවපු බවත් දන්නවා. ඉතින් මේක තමයි මගේ ජිවිතේ. කරන්න හිතන් ඉන්න වැඩ එහෙම ලේසියෙන් කරන්න පුළුවන් තත්වයක නෙවෙයිනේ මං ඉන්නේ. ඉතින් මට වෙලාවක් නිදහසක් ලැබිච්ච වෙලාවෙම ඔයගොල්ලොන්ට ලියන්න හිතුවා.

හෙට අනිද්දා නත්තල් නේද? මම ඇතුලේ ඉන්න නිසා දින වකවානු ගැන මට ලොකුවට දැනෙන්නේ නැහැ. දවස් යනවා තේරෙන්නෙත් නෑ. මොකද මට එළියේ ඉන්නවා වගේ රාජකාරි නැහැනේ. ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ පහුගිය ටිකේ මට වෙච්ච දේවල්. දනිස්සේ ප්‍රශ්නයක් ආවා. උරහිසේ ප්‍රශ්නයක් ආවා. කෝවිඩ් හැදුනා. මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නත් එක්ක බලද්දි මට එහෙමට ප්‍රශ්නයක් නෑ.

මං තාම ඉන්නේ බන්ධනාගාර රෝහලේ. දණහිසෙන් ආපු වේදනාවල් උරහිසෙන් ආපු වේදනාවල් නිසාම මට ලොකු කාලයක් රෝහලේ ඉන්න වෙයි. දොස්තර මහත්වරු මට සෑහෙන්න උදවු කළා මේ තත්ත්වයෙන් ගොඩ එන්න. මට නත්තල් කිට්ටුයි කියලා දැනුනේ වෙන මොකවත් හින්දා නෙවෙයි. රෑට ටිකක් වැඩිපුර සීතල දැනුනු නිසා. කකුලත් ලොකුවට හොලවන්න බෑ. සීතලත් එක්ක වේදනාවත් එනවා. පොරෝනයත් ඝනකම් නැති නිසා නත්තල් කාලේ කියන එක මට ඇඟටම දැනුනා.

මට අතීතේ මතක් වුනා…
පල්ලංසේනේ හිටපු කාලේ නත්තල් රැයවල් ටික මට එක දිගට මතක් වුණා. ඇත්තටම මාර සතුටු හිතුනු කාලයක් මේ නත්තල් කියන්නේ. ඊට පස්සේ කවදත් මම නත්තල් සැමරුවේ තනියෙන් නෙවෙයි..එකට.
මට නත්තල එක්ක දැනුනේ සීතල විතරක් නෙවෙයි. මාර නිදහසක්. ඒත් මිනිස්සුන්ට මේ වතාවේ ගොඩක් අමාරුයි නේද? කන්නත් නෑ බොන්නත් නෑ කියලයි මට ආරංචි වුනේ..

මිනිස්සු කොහොම මේවා දරන් ඉන්නවද කියලා මට තේරෙන්නේ නෑ. ජයට නත්තල් කාපු මිනිස්සු කොහොම මේ පාර නත්තල් සමරනවද කියලත් මට තේරෙන්නේ නෑ. ජේසු ස්වාමිදරුවෝ ආදරය, කරුණාව බෙදලා මිනිස්සු සුවපත් කළා. අද වගේ කාලේකත් මිනිස්සුන්ට ආදරය කරුණාව උවමනායි කොන්ද කෙලින් තියන් ජීවත් වෙන්න. දරුවෝ බඩගින්නේ නම් දෙමවුපියෝ හිතෙන හිතෙන දේ කරයි. ඒ මිනිස්සු නොමඟට පවා යයි..

ඉතින් මේක කියවන මගේ මචංලා. මේ කාලේ අමාරුයි තමයි. ඒත් අර අසරණ මිනිස්සු දිහා නොබලා ඉන්න එපා. තියෙන පොඩ්ඩ හරි බෙදාගෙන මේ අමාරු කාලේ කොහොමහරි ගෙවාගමු.
පොඩි එවුන්ව බඩගින්නෙ තියන්න එපා මේ නත්තලේ. ජේසු ස්වාමිදරුවෝ වගේ පුළුවන් විදිහට අපි අපේ කරුණාව බෙදමු. කොහොමහරි දුප්පත් මිනිහගේ ගෙදර බත් හට්ටියක් ඉදවමු.
මේ දේ මං වෙනුවෙන් කරන්න පුළු පුළුවන් අය.

මගේ නිදහස ගැනත් ගොඩක් දෙනා වැඩ කරන බව ආරංචියි. ඒකටත් උඹලට බොහොම ස්තූතියි. මේ අමාරු කාලේ පරිස්සමෙන් කල්පනාවෙන් ඉන්න.ඊළඟ නත්තල අපිට බය නැතුව එළියට බැහැලා සමරන්න පුළුවන් එකක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.

මීට,
ඔබ සැමගේ සහෝදරයා,
රන්ජන් රාමනායක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
52
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31
Video thumbnail
රණවිරු ස්මාරකයේ ඇත්තටම වුණ දේ විමල් රටටම හෙළිකරයි
20:06
Video thumbnail
මඩකලපුවේ පානීය ජල ගැටලුවටත් ජනපතිගෙන් විසඳුම්..ගැටලු රැසකට ඉදිරි අයවැයේ අවධානය
02:03
Video thumbnail
තහඩුවක් ගියත් ලක්ෂ 5ක් දෙනවා කිව්වා, සත පහක් දුන්නේ නෑ
08:12
Video thumbnail
මෙච්චර දවස් රාජපක්ෂ නිකායේ ඒත් අද මම නිකාය මාරු කළා..අනුර ජනපතිට උපරිම සහය
03:14