වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මියගිය නිමේෂ්ගේ සිරුර යළිත් ගොඩගැනේ (වීඩියෝ)

වැලිකඩ පොලිසිය මගින් භාරයට ගැනීමෙන් පසුව මරණයට පත් වූ නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය යළි සිදු කිරීම සඳහා අද (23) ගොඩගැනීම සිදු කෙරුණා.

ඒ මීගහකිවුලේ සුසාන භූමියේ දී බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් සිල්වා මහතා ඉදිරියේ දියි.

මෙම මරණකරුගේ සිරුර යළි ගොඩගන්නා ලෙස අප්‍රේල් මස 17 වැනිදා නියෝග කළා.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා එම දේහය ගොඩ ගැනීමට අවසර දෙන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ඉල්ලීමක් කරනු ලැබ ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මෙම නියෝගය නිකුත් කෙරුණා.

මෘත දේහය ගොඩගන්නා අවස්ථාවේදී අවශ්‍ය සහාය ලබා දීමට කටයුතු කරන ලෙස ද මෙහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් බදුල්ල මහේස්ත්‍රාත්වරයාට දැනුම්දෙනු ලැබුවා.

ශරීරය ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත්කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් නඩු දිනයේදී කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කර තිබුණා.

ඒ අනුව අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා ත්‍රිපුද්ගල වෛද්‍ය කමිටුවක් පත් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රියන්ත අමරරත්න, විශේෂඥ අධිකරණ වෛද්‍ය පී.ආර්. රුවන්පුර සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හා විශේෂඥ අධිකරණ වෛද්‍ය මුදිත විදානපතිරණ යන මහත්වරුන් මෙම විශේෂඥ වෛද්‍ය කමිටුවට පත් කර තිබෙන බව ද අධිකරණයට දෙනු ලැබුවා.

මෙම තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් හරහා සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කර තිබුණේ අප්‍රේල් 9 වන දා යි.

අගතියට පත් පාර්ශ්වය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා එදින මෙම නියෝගය නිකුත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ
01:41
Video thumbnail
අර්චුනාගේ කතාව අහපු හැමෝටම හිනා
02:51