spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මියගිය කතගේ මරණ පරීක්ෂණ තීන්දුව අගෝස්තු 25 වනදා

වැලිකඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මරණයට පත් වූ බව කියන ආර්.රාජකුමාරි නැමැති මෙහෙකාර කාන්තාවගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව අගෝස්තු මස 25 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළා.

මෙම පරීක්ෂණය අද (26) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙම මරණ පරීක්ෂණයට අදාළව විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවාගේ මෙහෙයවීමෙන් පැවැති සාක්ෂි විභාගය අද අධිකරණය හමුවේ අවසන් කෙරුණා.

ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?