spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී කාන්තාවක් මියගිය සිද්ධිය ගැන අධිකරණයෙන් නියෝගයක්

වැලිකඩ පොලිසියේ අත්අඩංගුවට පත්වීමෙන් පසුව කාන්තාවක් මරණයට පත්වූ බව කියන සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී යි මෙම නියෝගය ලබාදුන්නේ.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ මියගිය කාන්තාව අවසන් වශයෙන් රැඳී සිටි ස්ථානයේ සී.සී.ටී.වී. දර්ශන ලබා දෙන ලෙස ඉල්ලීම් කළත් ඒවා මෙතෙක් ලබා දී නොමැති බවයි.

ඒ අනුව අදාළ දර්ශන ලබා ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල පතිරාජ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ මියගිය තැනැත්තියගේ දේහය මග දමා තිබියදී සොයා ගත් බව පොලිස් නිලධාරීන් ප්‍රකාශ කළ ද එලෙස මෘත ශරීරයක් සොයාගත් විට අනුගමනය කළ යුතු නීතිමය ප්‍රතිපාදන පවතින බවයි.

එවැනි දෙයක් සිදු වූ විට අධිකරණ පෝරම සම්පූර්ණ කිරීම, සාක්කු සටහන් යෙදීම, රෝහල් පොලිස් මුරපොළ දැනුවත් කිරිම වැනි කටයුතු කටයුතු සිදු කළ යුතු වූවත් මෙම සිද්ධියේ දී එවැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමක් සිදු වී නොමැති බවට සැක පහළ වී ඇති හෙයින් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ද නීතිඥවරයා ඉල්ලා සිටියා.

ඒ අනුව මියගිය කාන්තාව අවසන් වශයෙන් රැඳී සිටි ස්ථානයේ සී. සී. ටී. වී. දර්ශන හා ජාතික රෝහලේ සටහන් ලබාගෙන විමර්ශන සිදුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

එම විමර්ශනවල ප්‍රගතිය ලබන 21දා වාර්තා කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?