spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැල්ලම්පිටියේ සිට කොටිකාවත්ත දක්වා මාර්ග කොටස තවදුරටත් වැසේ

කොළඹ අවිස්සාවේල්ල පරණ පාරේ වැල්ලම්පිටිය මංසන්දියේ සිට කොටිකාවත්ත දක්වා වූ කොටස අද පස්වරු 5 දක්වා තවදුරටත් වසා තැබෙන බව පොලිසිය පවසනවා.

ඒ අනුව මෙම කාලය තුල එම මාර්ගය භාවිත කිරීමට අපේක්ෂිත රියදුරන්ට සහ මහජනතාවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය දැනුම් දෙන්නේ.

අවිස්සාවේල්ල දෙස සිට කොළඹට ධාවනය වන රථ වාහන කොටිකාවත්ත හන්දියෙන් වමට හැරී ගොතටුව නගරයෙන් කොළොන්නාව හරහා දෙමටගොඩ දෙසින් බේස්ලයින් මාර්ගය හෝ කොලොන්නාව මංසන්ධියෙන් නැවත අවිස්සාවේල්ල මාර්ගයට පිවිසිය හැකියි.

කොළඹ නගරයට ජලය සපයනු ලබන නල පද්ධතියේ ඇතිවන දෝෂ හේතුවෙන් නව ජල නල පද්ධතියක් සකස් කිරීම සඳහා වැල්ලම්පිටිය මංසන්ධියට ආසන්නයේ පිහිටි පාලමට සමාන්තරව යකඩ පාලමක් ස්ථාපිත කිරීමේ කටයුතු හේතුවෙනුයි මෙලෙස රථ වාහන ගමනාගමනය සීමා කරනු ලබන්නේ.

Police 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?