වැල්ලම්පිටියේ වෙඩි තැබීමක්

වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ (07) රාත්‍රියේ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයා 28 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මානවඩුගේ අසංක නොහොත් ‘පරිප්පුවා’ නැමැත්තාගේ සමීපතමයෙකු බවයි වාර්තා වන්නේ.

‘පරිප්පුවා’ නැමැත්තා සිදුකළ කප්පම් ගැනීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම වෙඩි තැබීම ප්‍රතිවිරුද්ධ පාර්ශවයක විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් මෙහෙයවා ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

වෙඩිතැබීම සඳහා ටී-56 ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලිසිය සැකපළ කරන්නේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22