වැරදීමෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් පොලිසිය ප්‍රසිද්ධියේ සමාව අයදියි

යුක්තිය මෙහෙයුම අතරතුර අත්අඩංගුවට ගත යුතු පුද්ගලයෙකු යැයි වැරදීමකින් නීතිඥවරියකගේ රියදුරෙකු මහ මඟ දී මාංචු දමා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම්කරුගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටියා.

කළුතර ප්‍රදේශයේ පදිංචි සෙල්වරාජ් රාජපාන්ඩි නමැත්තෙකු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී මෙම සමාව ඉල්ලීම සිදු කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදි එම පොලිස් නිලධාරීන් පිරිස කොන්⁣දේසි විරහිතව සමාව ඉල්ලීමට එකඟ වීම නිසා පෙත්සම සම්බන්ධයෙන් පවතින විභාග කටයුතු අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

වගඋත්තරකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ මහේෂිකා සිල්වා මහත්මිය කරුණු දක්වමින් සඳහන් කළේ එම පරික්ෂා කිරිම අත්වැරදිමක් බැවින් සිදු වූ එම අත්වැරුද්ද සම්බන්ධයෙන් සමාව අයැද සිටීමට එකඟ වන බවයි.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නිතිඥ චමත්කා වීරකෝන් උනම්බුව මහත්මිය සඳහන් කළේ සමාව අයැදීමට අපෙක්ෂා කරන්නේ නම් පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට තවදුරටත් අවශ්‍ය නොවන බව යි.

එහිදි විනිසුරු මඬුල්ල වගඋත්තරකරුවන්ගෙන් විමසා සිටියේ එලෙස කොන්දේසි විරහිතව සමාව අයැදීමට එකඟ දැයි ද යන්නයි.

ඊට එකඟ වන බව පොලිස් නිලධාරීන් පවසා තිබෙනවා.

ඒ අනුව විනිසුරු මඬුල්ල ⁣එම පොලිස් නිලධාරීන්ට දැඩිව අවවාද කළේ මින්මතු එවැනි අත්වැරදීම්වලට ඉඩ නොතබන ලෙසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාව ගනු ලැබුවේ, මීගමුව පොලිස් ස්ථානයට සම්බන්ධ පොලිස් සැරයන් දිසානායක, ප්‍රේමරත්න, සහ පොලිස් කොස්තාපල්වරුන් වූ රත්නසිරි, සේනාධිර, නානායක්කාර යන අයයි.

පෙත්සම්කරු කියා සිටියේ, ඉකුත් ජනවාරි මස 16 වනදා තමන් මීගමුව අධිකරණයට ගොස් යළි වාහනයෙන් පැමිණි අවස්ථාවේදී යතුරුපැදිවලින් පැමිණි සිවිල් ඇඳුමින් සැරසී සිටි පිරිසක් වාහනය ඉදිරියෙන් මාර්ගය හරස්කොට නැවැත්වූ බවයි.

ඉන්පසුව “අපි පොලීසියෙන්” යැයි සඳහන් කළ සිවිල් ඇඳුමින් සැරසි සිටි එම පිරිස තමන්ව පරීක්ෂා කර දෑතට මාංචු දැමූ බවත් තම දකුණු අතේ පච්චයක් තිබේ දැයි පරීක්ෂා කළ බවත් පෙත්සම්කරු සඳහන් කර තිබෙනවා.

පසුව තම අතේ පච්චයක් නොමැති බව තහවුරු වීමෙන් පසුව “මෙයා නෙවෙයි…වැරදීමක්” යනුවෙන් සඳහන් කරමින් එම පිරිස පිටව ගිය බවත් පෙත්සම්කරු කියා සිටියා.

පසුව සිදුකළ සොයා බැලීම්වලදී මෙම නිලධාරීන් පිරිස මීගමුව පොලීසියට අනුයුක්ත පිරිසක් යැයි කරුණු තහවුරු කරගත් බවත් ඒ අනුව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ බවත් පෙත්සම්කරු පැවසුවා.

මෙම ක්‍රියාව තුළින් වගඋත්තරකාර පොලිස් නිලධාරින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ බවයි දසත අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21