“වැරදි හොයන්න එපා – දහස් ගණන් නැව් ගිනිගන්නවා” – නැව බලන්න ගිය ඇමතිට මළ පනියි

ශ්‍රී ලංකා පරිසර පද්ධතියට මහත් විනාශයක් සිදු කරමින් මේවන විටත් ගිනිගනිමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු සීමාවට පැමිණීමට පෙර ජාත්‍යන්තර වරායන් දෙකක් විසින් ප්‍රතික්ෂේප කිරීමේ සිදුවීම සමාජ මාධ්‍ය තුළ ඇති පුවතක් බවත්, එම නිසා එම පුවත විශ්වාස කිරීම සුදුසු නොවන බවත් නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසනවා.

කොළඹ වරායට ඔබ්බෙන් ගිනිගන්නා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳ ආන්දෝලනාත්මක පුවතක් ජාත්‍යන්තර වෙබ්අඩවියක් විසින් වාර්තා කර තිබූ අතර එම පුවත සම්බන්ධයෙන් මාධවේදියෙකු විමසා සිටි අවස්ථාවේ දී ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

මෙය සමාජ ජාල තුළ පවතින පුවතක් ලෙස අමාත්‍යවරයා පෙන්වා දුන්න ද, අදාළ පුවත ප්‍රථමයෙන් පළ කොට තිබුණේ සමුද්‍රය සම්බන්ධ පුවත් වාර්තා කරන ස්ප්ලෑෂ් (Splash) නමැති වෙබ් අඩවියේ යි.

කෙසේ වෙතත් ස්ප්ලෑෂ් වෙබ් අඩවියෙහි තිරසටහන් (Screenshots) පසුව සමාජ මාධ්‍ය තුළ සංසරණය වනු දක්නට ලැබුණා.

අදාළ පුවතෙහි දැක්වෙන්නේ මෙවන් අනතුරක් පිළිබඳ පූර්ව ඉඟි ලැබුණු වහාම නෞකාවේ කපිතාන්වරයා විසින් ජාත්‍යන්තර වරායන් දෙකකින් පිවිසීමේ අවසර ඉල්ලා ඇති නමුත් එම වරායන් දෙකෙන්ම අවසර නොදුන් පසුබිමක නෞකාව කොළඹ වරාය වෙත පැමිණ ඇති බවට යි.

ශ්‍රී ලංකාවට කිලෝමීටර දහස් ගණනක් දුරින් පිහිටි අරාබියානු මුහුදේ දී නෞකාව මත තිබූ කන්ටේනරයකින් අම්ල කාන්දුවක් නිරීක්ෂණය වී තිබූ බවත් ඒ හරහා සිදුවිය හැකි විනාශය වටහාගත් ඔවුන් ඉන්දියාවේ හසිරා සහ කටාර්හි හමාඩ් යන වරායන් දෙක අමතා එම වරායන්ට ඇතුළු වීම සඳහා අවසර ඉල්ලා ඇති බවත් අදාළ වාර්තාවෙහි දැක්වෙනවා.

කෙසේ වෙතත් නාලක ගොඩහේවා අමාත්‍යවරයා ප්‍රකාශ කොට සිටියේ මෙම ගින්න කාලගුණික හේතු මත හටගත් බවට යි.

“මේ නැවේ ලංකාවට ගොඩ බාන්නට කන්ටේනර් 12ක් පමණ තිබුණා. නීත්‍යානුකූලව ආපු නැව වරායට ඇතුළු වීමට ඉද්දී මේ පරිසරයේ ඉතාමත්ම දරුණු සුළං තත්ත්වයක් තිබුණා. එවැනි තත්ත්වයක් යටතේ තමයි පොඩි දුමක් ඇතිවෙලා ගින්නක් ඇති වුණේ”

එමෙන්ම ලෝකයේ මේ ආකාරයෙන් නෞකා දහස් ගණනක් ගිනිගැනීමට ලක්ව ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මාධ්‍යවේදියා වෙත දැඩි ස්වරයෙන් පවසා සිටියේ සෑම විටම වැරදි සෙවීම පමණක් සිදු කිරීමෙන් වළකින ලෙසට යි.

ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් අංශ මේ සම්බන්ධයෙන් වෙහෙසවන ආකාරය පිළිබඳ කතා නොකොට වෙනත් දෑ පිළිබඳ කතා කිරීම පිළිබඳව තමන් කණගාටුවන බව ආචාර්ය නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවේදියා හට ප්‍රකාශ කළේ තරමක් කෝප ගත් බවක් ද පෙනෙන්නට තිබුණා.

මේ අතර කන්ටේනරයක සිදු වූ අම්ල කාන්දුව කල් තියා හඳුණාගෙන තිබූ බව පැවසෙන පසුබිමක මේවන විට ශ්‍රී ලංකා සාගර සහ වෙරළාශ්‍රිත පරිසර පද්ධතිය මෙන්ම මෙරට ආශ්‍රිත වායුගෝලය ද දැඩි ලෙස දූෂණයට ලක් කරමින් සිදුවන පරිසර විනාශය වළක්වා ගැනීමට හැකියාව තිබූ බවට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

මුල් අවස්ථාවේ දී අදාළ නෞකාවට ඉන්දීය සහ කටාර් වරායන් විසින් පිවිසීමට අවසර දුන්නේ නම් ප්‍රශ්ණගත කන්ටේනරය පමණක් ගොඩබෑමට හැකිවන නිසා නෞකාවේ අනෙක් කන්ටේනර හෝ නෞකාව ගිනි ගැනීමෙන් සිදු වූ හානිය ද වළක්වා ගත හැකිව තිබුණු බව බොහෝ දෙනා අදහස් දක්වමින් ප්‍රකාශ කරනවා.

මේ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතා අනාවරණය කළේ අම්ල කාන්දුවක් පවතින බවට ඉන්දීය සහ කටාර් වරායන්වලට අදාළ නෞකාව විසින් දැනුම් දුන් නමුත් එවන් කාන්දුවක් පිළිබඳ කොළඹ වරාය දැනුවත් කිරීමට කටයුතු කර නොමැති බවයි.

එවැන්නක් පිළිබඳ දැනුම් දී ඇත්තේ නෞකාවෙන් දුමක් නැගීමෙන් අනතුරුව බව ද ඔහු පැවසුවා.

කෙසේ වෙතත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකාරිත්වය දරන “එක්ස්ප්‍රස් ෆීඩර්ස්” සමාගමෙහි විධායක සභාපතිවරයා චෝදනා කරන්නේ, දුර්වල ඇසුරුම්කරණය හේතුවෙන් නෞකාවේ ඇසිඩ් කාන්දු වීම සිදුවූ බවයි.

මේවන විට සම්පූර්ණ නෞකාව මෙන්ම එහි පටවා තිබූ කෝටි ගණනක වටිනාකමින් යුතු භාණ්ඩ ඇතුළත් කන්ටේනර් සියල්ල ද ගින්නෙන් විනාශ වී තිබෙනවා.

කොළඹ වරායට ලඟා වූ නෞකාව අදාළ අම්ල කාන්දුව හේතුවෙන් ගිනි ගත්තේ පසුගිය 20 වැනි දා වන අතර පෙරේදා (25) එහි ඇති වූ පිපිරීමත් සමග ගින්න නෞකාව පුරා පැතිර ගියා.

  1. නිව්ස් ෆස්ට් කියන්නෙ සිරස කාරයගෙ ටෙලෙ නාලිකාවෙ එකක්, උන් නිතරම බලන්නෙ පවතින රජයට විරුද්දව බොරු චෝදනා හදන නගලා රජය අප්‍රසාදයට පත් කරන්න, කිලී කොටි රජාගෙ නාලිකාව ,මුන්ට රට ජාතිය ආගම නෙමෙ ඕනෙ , උන්ට අවශ්ය උන් කැමති රජයක් බලයට ගෙන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25
Video thumbnail
දැන් කට්ටිය පෝළිමට ගිහින් දුන්නා නේද ?අපෝ නෑ නෙවෙයි..මේක ඇත්ත කතාව..පච කිව්වා නේද ?
04:24
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා
01:00
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා - අම්මා කියලා හිතලද ?
01:37
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙන ආ අයුරු
01:38