වැරදි එන්නතක් ගැබිණි මවකට මරු කැඳවයි – මාස 09ක බිළිඳු කළලයත් මිය ගිහින්

වැරදි එන්නතක් ලබාදීමෙන් මාස 09ක ගැබිණියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ගැබිණි කාන්තාව සමඟ ඇයගේ කුස තුළ සිටි මාස 09ක බිළිඳු කළලය ද මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අන්චල් නැමති 23 හැවිරිදි ගැබිණි කාන්තාවක් දරු ප්‍රසූතිය සඳහා උත්තර ප්‍රදේශ් හි අවුරායි ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර, එහිදී ඇයට සැත්කම වෙනුවෙන් රුපියල් 50,000ක මුදලක් තැන්පත් කර ලෙස දන්වා තිබෙනවා.

පසුව එම මුදල තැන්පත් කිරීමෙන් පසු සැත්කමට පෙර වෛද්‍යවරුන් විසින් ඇයට එන්නතක් ලබා දී තිබෙනවා.

මෙම එන්නත ලබාදීමෙන් පසු එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන විනේ කුමාර් පාණ්ඩේ සහ ශිව් බහදූර් යාදව් නැමැති වෛද්‍යවරුන් දෙදෙනා මේ වනවිටත් පලාගොස් ඇති බවයි අවුරායි පොලිස් ස්ථාන භාර ප්‍රධාන පොලිස් නිලධාරියා ඊයේ (27) පැවසුවේ.

පලාගිය සැකකරුවන් දෙදෙනා සොයා මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති අතර, මෙම වෛද්‍යවරුන් දෙදෙනාගේ වෛද්‍ය උපාධි ව්‍යාජ ඒවා බවට මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම අදාළ ගැබිණි කාන්තාව ඇතුළත් කළ රෝහල ද සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති බවට ද සිදුකළ පරීක්ෂණයකින් අනාවරණය වී ඇති බවයි වාර්තා වුණේ.

කාන්තාවගේ සහ කළලයේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමෙන් පසු එම වාර්තාවෙන් හෙළිව ඇත්තේ සිහිසුන් කිරීමට ලබාදුන් වැරදි එන්නතක් හේතුවෙන් මව සහ කළලය මියගොස් ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40