වැන්ඩර්සේගේ දඟ පන්දුව ශ්‍රී ලංකාවට සුපිරි ජයක් ගෙන එයි

ජෙෆ්රි වැන්ඩර්සේගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ දෙවන එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (04) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් සත්කාරක ශ්‍රී ලංකාව මෙම තරගය ජයගත්තේ ලකුණු 32කින්.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 240ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 40ක් රැස්කළ අතර, කුසල් මෙන්ඩිස් 30ක් රැස් කළා.

මෙම තරගයේ දීත් ශ්‍රී ලංකා මැදපෙළේ යම් කඩා වැටීමක් දැක ගැනීමට හැකි වූ අතර, ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ලකුණු 39ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 40ක් රැස් කළා.

පන්දු යැවීමේ දී වොෂින්ටන් සුන්දර් කඩුලු 03ක් සහ කුල්දීප් යාදෙව් කඩුලු 02ක් බිඳ දැමුවා.

අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කළ ඉනිදිය කණ්ඩායමේ පළමු කඩුල්ලට ලකුණු 97ක සබඳතාවක් ගොඩනඟමින් ප්‍රබල තැනක පසු වුණා.

කෙසේ වෙතත් ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල දවාගනිමින් කඩුලු දඩයම ඇරඹු ජෙෆ්රි වැන්ඩර්සේ ඉන්දීය ඉනිමට දැඩි පීඩනයක් එල්ල කළා.

වැන්ඩර්සේ ලබාදුන් පීඩනයේ ආරම්භය අඛණ්ඩව ඉන්දීය පිතිකරුවන්ට එල්ල කරන්නට ශ්‍රී ලංකා දඟපන්දු යවන්න කටයුතු කළේ තරගයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට දෙසට හරවා ගනිමින්.

එහිදී ලකුණු 33කට කඩුලු 06ක් දවාගනිමින් ජෙෆ්රි වැන්ඩර්සේ ශ්‍රී ලංකා ජයග්‍රහණයේ වීරයා බවට පත් වුණා.

ඊට අමතරව නායක චරිත අසලංක ද ඉන්දීය ඉනිමේ කඩුලු 03ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ කොටස්කරුවෙක් වුණා.

අවසානයේ ඉන්දීය පිතිකරුවන් සියලුම දෙනා පන්දුවාර 42යි පන්දු 02ක් තුළ ලකුණු 208කට සීමා කරමින් දෙවන එක්දින තරගය ශ්‍රී ලංකාව ලකුණු 32කින් ජයගත්තා.

මෙම ජයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට ඊයේ රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:03:31
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48