වැඩ වර්ජනය හෙට උදෑසන 8ට අවසන්

තම ඉල්ලීම් සලකා බැලීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කිරීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක වැඩ වර්ජනය හෙට (16) උදෑසන 8 ට අවසන් කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල්, විදුලි, සහ දුම්රිය ඇතුළු වෘත්තිය සමිති රැසක් අද ක්‍රියාත්මක කරන එක්දින වැඩවර්ජනය හේතුවෙන් සේවාවන් රැසක් අඩපණ වවුණා.

රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාත ඉහළ දැමීම, වැටුප් විෂමතා ඉවත් කිරීම සහ විදුලි ගාස්තු ඉහළ දැමීම ඇතුළු කරුණු රැසකට විරෝධය දක්වමින් ක්‍රියාත්මක කරන වැඩවර්ජනය හේතුවෙන් ගුරුවරු පාසල්වලට වාර්තා නොකිරීමෙන් පාසල් පද්ධතිය ද අඩපණ වී තිබූ බවයි වාර්තා වන්නේ.

වෛද්‍යවරු, හෙද, පරිපූරක කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩි පිරිසක් වර්ජනයට සහභාගි වීම නිසා රෝහල් පද්ධතියේ ප්‍රතිකාර සේවා ඇතුළු කටයුතු ද අඩාල වුණා.

දුම්රිය සේවක වැඩවර්ජනයක් පැවතිය ද මගීන්ගේ පහසුව සඳහා අද (15) පෙරවරුවේ දුම්රිය 20ක් ධාවනය කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළා.

අද පස්වරුවේ ද දුම්රිය කීපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි ඔහු කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26