spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැඩ වර්ජනය හෙට උදෑසන 8ට අවසන්

තම ඉල්ලීම් සලකා බැලීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කිරීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක වැඩ වර්ජනය හෙට (16) උදෑසන 8 ට අවසන් කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල්, විදුලි, සහ දුම්රිය ඇතුළු වෘත්තිය සමිති රැසක් අද ක්‍රියාත්මක කරන එක්දින වැඩවර්ජනය හේතුවෙන් සේවාවන් රැසක් අඩපණ වවුණා.

රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාත ඉහළ දැමීම, වැටුප් විෂමතා ඉවත් කිරීම සහ විදුලි ගාස්තු ඉහළ දැමීම ඇතුළු කරුණු රැසකට විරෝධය දක්වමින් ක්‍රියාත්මක කරන වැඩවර්ජනය හේතුවෙන් ගුරුවරු පාසල්වලට වාර්තා නොකිරීමෙන් පාසල් පද්ධතිය ද අඩපණ වී තිබූ බවයි වාර්තා වන්නේ.

වෛද්‍යවරු, හෙද, පරිපූරක කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩි පිරිසක් වර්ජනයට සහභාගි වීම නිසා රෝහල් පද්ධතියේ ප්‍රතිකාර සේවා ඇතුළු කටයුතු ද අඩාල වුණා.

දුම්රිය සේවක වැඩවර්ජනයක් පැවතිය ද මගීන්ගේ පහසුව සඳහා අද (15) පෙරවරුවේ දුම්රිය 20ක් ධාවනය කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළා.

අද පස්වරුවේ ද දුම්රිය කීපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි ඔහු කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?