වැඩ වර්ජනය ගැන දිලුම්ගෙන් අමුතු කතාවක්

හෙට (27) රාජ්‍ය සේවක වෘත්තීය සමිති කිහිපයක් විසින් පැවැත්වීමට කටයුතු කර ඇති වැඩ වර්ජනයට දුම්රිය, ශ්‍රීලංගම සේවක වෘත්තීය සමිතින් එක් නොවන බවත් පෞද්ගලික බස් රථ සේවාව ද මෙම වැඩ වර්ජන ක්‍රියාවලියට සහභාගී නොවන බවත් ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

ඊයේ දිනයේ (26) පොදු ප්‍රවාහන සේවා වෘත්තීය සමිති සමඟ පැවැත් වූ සාකච්ඡාවකදී පැමිණි එකඟතාවයකට අනුව පොදු මගී ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට එම නියෝජිතයන් තමා සමඟ එකඟ වූ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අද (27) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පල කළා.

එමෙන්ම හෙට දින ධාවනයේ යෙදෙන පොදු ප්‍රවාහන සේවාවන් සඳහා අවශ්‍ය ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බව ද අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.

එමෙන්ම රාජ්‍ය සේවකයන් වැඩ වර්ජනයේ යෙදීම අනවශ්‍ය දෙයක් බවත් මෙයින් සිදු වන්නේ පීඩාවට පත් ජනතාව තව දුරටත් අපහසුතාවයට පත්වෙන බවද, අමාත්‍යවරයා කියා සිටි අතර සමස්ථ ජනතාවම රජයට දිය යුතු පණිවිඩය මේ වන විට ලබා දී තිබෙනවා.

දුම්රියේ ඇතැම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් මහජනතාව විශාල අපහසුතාවයන්ට පත් වෙන බැවින් ඒ සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් හෝ පුහුණු කර එම අවස්ථාවන්ට යෙදවීමට පියවරක් නොගන්නේ ඇයි ද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ තමා අමාත්‍යධූරය භාර ගැනීමෙන් පසුව දුම්රිය වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළ බව සහ මහජනතාව අපහසුතාවයට පත් වන අයුරින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නොගැනීමට එකඟ වී ඇති බවයි.

එමෙන්ම අද රටේ ඇති වී තිබෙන්නේ ආර්ථික අර්බුධයක් බවත් එයට දේශපාලන අර්බුද ඈදා නොගත යුතු බව ද, පවසන අමාත්‍යවරයා අද සමහරුන්ට අවශ්‍ය වී ඇත්තේ දේශපාලන අර්බුදයක් නිර්මාණය කර වාසි ලබා ගැනීමට බව ද, මෙම අර්බුදයට විසඳුමක් ලෙස අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉවත් විය යුතු නම් රජය භාර දී යාමට ආණ්ඩුව ඉදිරිපත් වූවත් කිසිවකු රජය භාර ගැනීමට ඉදිරිපත් වී නැති බව ද අමාත්‍යවරයා පවසා සිටියා.

එමෙන්ම දැනට පවතින අර්බුදකාරී තත්ත්වය රජය සැළකිල්ලට ගෙන තිබෙන බව ද මේ ආර්ථික අපහසුතාවයන්ගෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගත යුතු බව ද, එය ප්‍රමාද වීම අපේ රජයෙන් සිදු වූ වරදක් බව ද, ඒ තත්ත්වයන් සමනය කිරීමට දැනටමත් වැඩ පිළිවෙලක් සකස් කර ඇති බව ද පැවසීය. එමෙන්ම කුමන කණ්ඩායමක් බලයට පත් වුවද මේ අර්බුදයෙන් ගොඩ ඒමට කාලයක් ගත වන බව ද අමාත්‍යවරයා කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසන්තගෙයි - ලාල්කාන්තගෙයි කෙරුවාව චාමර හෙළිකරයි - අපි නම් ඇතුළට යන්න ඉන්න අයනේ
02:37
Video thumbnail
මේකා සජිත්ගේ ගෝලයෙක් - කිකිළියෙක්ගේ තරම් මොළයක්වත් නෑ
02:01
Video thumbnail
ප්‍රසංග නැවතුනොත් සංගීත ශිල්පියා වග කියන්න ඕනි - සංවිධායකයෝ සිංදු කියන්නේ නෑනේ
08:21
Video thumbnail
ආණ්ඩුවේ කට්ටයට බන්ධනාගාර එක්ක සමීප සම්බන්ධතාවක් තියෙනවා
07:08
Video thumbnail
නලින්ද කිව්වේ පට්ටපල් බොරුවක් - මහනායක ස්වාමීන් වහන්සේලා සහාය දුන්නේ නෑ
11:45
Video thumbnail
චාමර සම්පත්ගෙන් නලින්දට හින්ට් එකක් - නලින්ද පුරුදු වෙන්න බොරු කියන මිනිහෙක්
04:01
Video thumbnail
ජනාධිපතිතුමා කිව්ව දේ නීතිඥ සංගමයේ සභාපති සියල්ල හෙළිකරයි
04:46
Video thumbnail
කඩ ඉවත් කරන්න කියලා දැන් ලියුම් ග#ලා..කඩ හැදුවොත් දඩ ගහලා කූඩුවේ දානවා
04:09
Video thumbnail
රටම බලා සිටි ජනාධිපති එක්ක නීතිඥවරුන්ගේ සාකච්ඡාව අවසන්
03:46
Video thumbnail
කෘෂිකර්ම ඇමති ඔයා ඉල්ලා අස් වෙන්න - කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:39