වැඩ වර්ජනය කළ සියලු ම දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයෙන් ඉවත් කෙරේ (වීඩියෝ)

පෙරේදා (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය ඊයේ (10) දිනයේ දී නවත්වන ලෙසට දැනුම්දෙනු ලැබුව ද, එය නො නොවත්වා වර්ජනය සිදු කරමින් සේවයට වාර්තා නොකළ සියලු ම ස්ථානාධිපතිවරුන් මේ මොහොතේ සිට සේවයෙන් ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

එම සේවකයින් සියලු ම දෙනා මෙතැන් සිට (11) ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සේවයේ නො පිහිටවන බවයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේ.

සිය වෘත්තීය ගැටලු කිහිපයක් මුල් කරගනිමින් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවට පෙරේදා මධ්‍යම රාත්‍රියේ දී දුම් රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය නිල වශයෙන් නිවේදනයක් නිකුත් කළා.

ඔවුන් සඳහන් කර සිටියේ සිය අයිතීන් ඉටු කරදෙන තෙක් මෙම වැඩ වර්ජනය අත් නොහරින බවයි.

නමුත් ඊයේ පෙරවරු 10 ට පමණ වැඩ බලන දුම්රිය සාමාන්‍යාධිකාරී එස්. එස්. මුදලිගේ විසින් වැඩ වර්ජනයේ නියුත් දුම්රිය ස්ථානාධිපතිවරුන් වෙත අවසන් සිහි කැඳවීම් ලිපියක් ද නිකුත් කළා.

ඒ ඊයේ දහවල් 12 වන විට ළඟම ඇති දුම් රිය ස්ථානයක සේවයට වාර්තා කළ යුතු බවත්; ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් ද නිකුත් වී ඇති පසුබිමක වැඩ වැරීම නීතිවිරෝධී සහ විනය විරෝධී ක්‍රියාවක් බවයි.

ඊට අවනත නොවන්නන් හට දැඩි විනය පියවර ගන්නා බව ද එහි දැක්වුණා.

මෙම ප්‍රකාශයත් සමග දුම්රිය වැඩ වර්ජනයේ නියුතු ස්ථානාධිපතිවරුන් සඳහන් කර සිටියේ සිය රැකියා අහිමි වුව ද වර්ජනය අත්නොහරින බවයි.

කෙසේවෙතත් අද දිනයේ දී ද කාර්යාල දුම්රිය 35ක් සේවයට යොදවා තිබුණ ද එය රැකියා කරන කාර්‍යාල මගීන් ප්‍රවාහනය කිරීමට තරම් ප්‍රමාණවත් වුණේ නැහැ.

මේ හේතුවෙන් කාර්‍යාල සේවකයින් මෙන් ම පාසල් දරුවන් ද සිය ගමනාන්ත කරා යාමට නොහැකිව දැඩි අසීරුතාවට ලක් වුණා.

දුම්රිය වර්ජනය හේතුවෙන් ඒවායේ ඇති වූ දැඩි තදබදය මත දුම්රියට නැගීමට උත්සාහ දැරූ පුද්ගලයින් දෙදෙනකු ද දුම්රියෙන් ඇද වැටී එක් අයෙක් ජීවිතක්ෂයටත් තවත් අයෙක් බරපතළ තුවාල තත්ත්වයටත් පත් වුණේ මෙවන් වර්ජනයක් හේතුවෙන්.

එබැවින් මෙවන් අසීරුකාරී තත්ත්වයක් හමුවේයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් වැඩ වර්ජනයේ නිරත සියලු ම දුම්රිය ස්ථානාධිපතිවරුන් ව සේවය හැර ගියා සේ සලකමින් ඔවුන්ව සේවයෙන් පහකිරීමේ ලිපි දුම් රිය දෙපාර්තමේන්තුව වෙත නිකුත් කර ඇත්තේ.

මේ අතර ප්‍රවාහන අමාත්‍යවරයා පවසන ආකාරයට තමන්ට කිසිදු ලෙසකින් සේවයෙන් පහකළ බවට සඳහන් වන ලිපි කිසිවක් ලැබී නොමැති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

ඔවුන් සඳහන් කරන්නේ; අමාත්‍යවරයා විසින් මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පෞද්ගලික ලිපිගොනු භාර ව කටයුතු කරන ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරිවරුන් හරහා වට්ස්ඇප් මගින් ඉහත ලිපි යවා ඇති බවට පවසන බවයි.

නමුත් සේවය හැර ගියා සේ සලකන්නේ නම්; ඒ බව එක් එක් දුම්රිය ස්ථානාධිපතිවරුන් වෙත ඒ අයගේ පෞද්ගලික ලිපිනය වෙත ලියාපදිංචි තැපෑල හරහා ලිපි යොමු කළ යුතු බවත් මේ දක්වා අප වෙත එවැනි ආකාරයට පුද්ගලික නමට හෝ පුද්ගලික ලිපිනයකට ලිපියක් ලැබී නොමැති බවත් දන්වා සිටිනවා.

එමෙන්ම දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය රජයෙන් ප්‍රශ්න කර සිටින්නේ; තම පිරිස සේවයෙන් ඉවත් කළ පසු මෙම ගැටලුව විසඳෙන්නේ ද යන ප්‍රශ්නයයි.

එසේ සිදු කර දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකියාවක් ඇති ද යන කාරණය ද එම සංගමය වැඩිදුරටත් ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ද විමසා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55
Video thumbnail
දුම්රිය රියදුරු හිඟය මත කිසිදු දුම්රියක් අවලංගු වුණේ නෑ - මෑත කාලයේ කරපු අසාර්ථකම වර්ජනය මේක
06:45
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ලාල්කාන්ත කට අරියි - වැඩවර්ජන කරන්න ඇති තරම් ඉඩ තියෙනවා..
03:01
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10