spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැඩ තහනමකට ලක්ව සිටි වෛද්‍ය චමල් සංජීව අද යළි රාජකාරී අරඹයි (වීඩියෝ)

කෙහෙළිය රඹුක්කැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි සමයේ හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත විසින් වැඩ තහනමකට ලක්කළ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අද (08) යළි රාජකාරී ආරම්භ කළා.

හම්බන්තොට දිස්ත්‍රික්කය දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය 2022 වර්ෂයෙන් නොවැම්බර් මාසයේ දී සිදුකළ ප්‍රකාශයක් මත පදනම්ව මාස 17ක පමණ කාලයක් විශේෂඥ වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කර තිබුණා.

මේ වනවිට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින ප්‍රශ්න ගත ඉමියුනොගොලොබියුන් හා පිළිකා ඖෂධ වංචාව සම්බන්ධයෙන් පළමුවට රටට හෙළි කළේ වෛද්‍ය චමල් සංජීව විසින්වීම විශේෂත්වයක්.

රාජ්‍ය සේවා කොම්ෂන් සභාවේ සෞඛ්‍ය අනු කමිටුවේ නිර්දේශ මතයි ඔහුව යළි රාජ්‍ය සේවයේ පිහිටවනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
11
+1
0
+1
0
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?