වැඩ කරන වෙළඳසැලේ බඩු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

මහනුවර නගරයේ පිහිටි මැණික් සහ ස්වර්ණාභරණ අලෙවිසැලකින් රුපියල් ලක්ෂ 21කට අධික භාණ්ඩ සොරකම් කළ එම වෙළඳසැලේම සේවිකාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ මේ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයේදීයි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

35 හැවිරිදි කාන්තාව කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරියක්. ඇය සොරකම් කරන ලද රන් මුදු 9ක් සහ රිදී මුදු 4ක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

සැකකාරිය විසින් දින ගණනාවක සිට මෙම සොරකම් සිදු කර ඇති බවටයි විමර්ශනයේදී හෙළිවී ඇත්තේ. මහනුවර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.

මේ අතර දෙනියාය නයින්දාව වත්ත ප්‍රදේශයේ අවන්හලක් කඩා එහි තිබූ රුපියල් ලක්ෂ 6කට අධික දේපළ සොරකම් කළ එම අවන්හලේම සේවකයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 12 වනදා මෙම සොරකම සිදුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් දෙනියාය පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ දහවල් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

37 හැවිරිදි මෙම පුද්ගලයා දෙනියාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුගෙන් අනාවරණ කර ගත් තොරතුරු මත සොරකම් කළ දේපළවලින් කොටසක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26