spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැඩ කරන වෙළඳසැලේ බඩු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

මහනුවර නගරයේ පිහිටි මැණික් සහ ස්වර්ණාභරණ අලෙවිසැලකින් රුපියල් ලක්ෂ 21කට අධික භාණ්ඩ සොරකම් කළ එම වෙළඳසැලේම සේවිකාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ මේ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයේදීයි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

35 හැවිරිදි කාන්තාව කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරියක්. ඇය සොරකම් කරන ලද රන් මුදු 9ක් සහ රිදී මුදු 4ක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

සැකකාරිය විසින් දින ගණනාවක සිට මෙම සොරකම් සිදු කර ඇති බවටයි විමර්ශනයේදී හෙළිවී ඇත්තේ. මහනුවර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.

මේ අතර දෙනියාය නයින්දාව වත්ත ප්‍රදේශයේ අවන්හලක් කඩා එහි තිබූ රුපියල් ලක්ෂ 6කට අධික දේපළ සොරකම් කළ එම අවන්හලේම සේවකයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 12 වනදා මෙම සොරකම සිදුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් දෙනියාය පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ දහවල් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

37 හැවිරිදි මෙම පුද්ගලයා දෙනියාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුගෙන් අනාවරණ කර ගත් තොරතුරු මත සොරකම් කළ දේපළවලින් කොටසක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?