වැඩි වන බස් ටිකට් මිල…

බස් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද පස්වරුවේ ප්‍රකාශ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් බස් සංගම් නියෝජිතයින් සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අතර මේවනවිටත් පැවැත්වෙන බවයි එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු මාධ්‍යට පැවසුවේ.

කෙසේවෙතත් ප්‍රවාහන අමාත්‍යංශය විසින් බස්රථ හිමිකරුවන් සඳහා සහනාධාරයක් ලබාදෙන්නේ නම් බස් ගාස්තු වැඩි කිරීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

බස් සංගම් මීට පෙර ප්‍රකාශ කළේ ඉන්ධන මිල වැඩිකිරීම හේතුවෙන් තමන්ට සහනයක් ලබානොදෙන්නේ නම් අවම බස් ගාස්තුව රුපියල් 25 ක් දක්වා ඉහළ නැංවිය යුතු බවයි. සෙසු බස් ගාස්තු ද සියයට 25 කින් ඉහළ දැමිය යුතු බව බස් සංගම් එහිදී ප්‍රකාශ කළා.

මේ අතර පෞද්ගලික බස්රථවලින් ගමන් ගන්නා මගීන් සඳහා පෙර ගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීමට තමන් කර තිබූ යෝජනාව සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ අවදානය යොමුවී ඇති බව ද පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවේ උත්පත්තිය මාලිමාව - චමින්ද විජේසිරි සැරටම අමතයි
06:49
Video thumbnail
ස්මාරකය ළඟට යන්න ගිය විමල්ව පොලිසිය නැවැත්තුවේ මොන ජගතගෙන් අහලද ?
05:30
Video thumbnail
බිඳපු ල##ක් නෑ - මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී
21:37
Video thumbnail
මහින්දට රණවිරු සැමරුමට ආරාධනා කළානම් අනිවාර්යෙන්ම එනවා..කුහකයෝ සෙට් එකක් තමයි ඉන්නේ
03:04
Video thumbnail
පොහොට්ටුව ඔය උසිගන්වන වැඩවල නෑනේ - අනාත වෙච්ච ඒවා අරගෙන නඩත්තු කරන කණ්ඩායම් නෑ
13:03
Video thumbnail
චාමර සම්පත්ව ඇ#දගෙන ගිහින් එළියට දැම්ම හැටි - ඔබ නොදුටු දර්ශන
02:10
Video thumbnail
සාමකාමි විරෝධතාවට මුහුණ දෙන්න බැරිව ජනපති අනුර හැංඟිලා..කඳුළු ගෑස් ගහන්න ගියේ අපිට - මේවා පුරුදුයි
05:28
Video thumbnail
කළුතරම සලිත කරමින් කළුගඟ ඉවුරෙන් හමුවූ අභිරහස් සිරුර..ඉන ප්‍රදේශයෙන් ඉහළ කොටස නෑ
00:55
Video thumbnail
ඔය තමුසේ ටෝක් අපිත් එක්ක එපා - පැලවත්තට ගිහින් දෙන්න
12:05
Video thumbnail
සුගීශ්වර ඇතුළු සෙට් එක ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
12:19